29 May, 2017

සචින්ගේ සිහින බිලියනය ටැක්ස් ෆ්‍රී

Sachin A Billion Dreams-02

අපි කවුරුත් ආසයි චරිතාපදාන චිත්‍රපට නරඹන්න. ඒකත් ක්‍රීඩාවකට සම්බන්ධ එකක් නම් විශේෂයි.

මේ කියන්න යන්නෙත් එවැනි චිත්‍රපටයක් ගැන. අපි කවුරුත් දන්නවා ඉන්දීය සිනමාවෙන් එවැනි චිත්‍රපට කිහිපයක්ම එළි දැක්වුණු බව.

එම්.එස්. දෝනි, මේරි කොම්, බාග් මීකා බාග්, වැනි මෑතකදී ඉන්දීය සිනමාවට එක්වුණු චරිතාපදාන චිත්‍රපට අතරට අලුතෙන්ම එකතු වන චිත්‍රපටය සචින් අ බිලියන් ඩ්‍රීම්ස් 'Sachin A Billion Dreams' (සචින් සිහින බිලියනයක්).

Sachin A Billion Dreams

මෙහි තිර රචනය හා අධ්‍යක්ෂනය ජේම්ස් අර්ස්කයින්ගෙන්.

ක්‍රිකට් පිටියේ සුපිරිතම පිතිකරුවෙක් ලෙස අදටත් වැජඹෙන සචින් තෙන්ඩුල්කාර්ගේ ජීවිත කතාව අලලා සැකසුණ මේ චිත්‍රපටය එළඹෙන 26 වනදා ඉන්දියාවට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

පසුගියදා සති අන්තයේදී මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සචින් හා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හෙ අතර විශේෂ සාකච්ඡාවක්ද පැවතුනා.

වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය බදු අය කිරීමකින් තොරව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක්ම අවසර ලබාදී ඇති බව වාර්තා වනවා.

සචින් ගේ සිහින ඉන්දිය සිනමාවට එක්වෙයි (වීඩියෝ)


(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සචින්ගේ සිහින බිලියනය ටැක්ස් ෆ්‍රී"

    Post a Comment