18 May, 2017

"බොලිවුඩයේ සොඳුරු මව" රීමා ලාගෝ අභාවප්‍රාර්ථ වෙයි

Reema Lagoo Dies

බොලිවුඩ් සුපිරි රංගන ශිල්පිණියක් වන රීමා ලාගෝ අභාවප්‍රාර්ථවී තිබෙනවා.

මිය යන විට 59 වියෙහි පසුවූ ඇය හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් මුම්බායි රෝහලකට ඊයේ ඇතුලත් කිරීමෙන් අනතුරුව, මියගොස් ඇති බවයි බීබීසි ලෝක සේවය වාර්තා කරන්නේ.

1970 බොලිවුඩ් සිනමාවට පිවිස් ඇය එරට ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් ලද රංගන ශිල්පිණියක්.

පසු කළෙක ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ගේ මව ලෙස චිත්‍රපට කිහිපයකටම රංගනෙයන් දායක වුණු ඇය ප්‍රථම වතාවට එලෙස ශාරුක්ගේ මව ලෙස රඟපා ඇත්තේ මීඨ වසර 28 කට ඉහතදී ඇයට වයස අවුරුදු 31ක් වන කාළයේයි.

ඇයගේ අභාවයත් සමඟ ඇයට ආදරය කල රැසක් මේ වන විට ශෝකය පළ කර තිබෙනවා. (ඇත්ත ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""බොලිවුඩයේ සොඳුරු මව" රීමා ලාගෝ අභාවප්‍රාර්ථ වෙයි"

    Post a Comment