07 May, 2017

එක වගේ ඒවා කරද්දි මට හරි බෝරිං අනේ

Priyanka Chopra-03

රජත් - ඔබ ප්‍රර්ථනා කරන්නේ හැම චරිතයක්ම ඔබට ලැබෙන්න කියලද?

ප‍්‍රියංකා - ලැබෙන්න නෙවෙයි. මගේ ළඟට එනවා මාව හොයාගෙන. දෙවියන්ට ස්තුතිවෙන්න මට කවදාවත් කාගෙන්වත් වැඩ ඉල්ලන්න වෙලා නැහැ. මම කාටවත් කියලා නැහැ මම මේ ෆිල්ම් එකට කැමතියි මට මේක දෙන්න කියලා. මගේ ළඟට ෆිල්ම් ආවා. මම ඔබට කිව්වනේ මම මේ ඉන්ඩස්ට්‍රි එකේ කාවවත් දැනගෙන හිටියේ නැහැ. මම කවදාවත් හිතලවත් නැහැ මට හැම ෆිල්ම් එකක්ම ලැබෙන්න ඕන මට ඔක්කොම කරන්න ඕන කියලා. ෆිල්ම් එකක් හොඳයි කියලා මට හිතුනොත් මට බැහැ කියන්න බැරි ප‍්‍රශ්නයක්නම් තියෙනවා.

රජත් - ඔබ දෝස්තානා සහ කමීනේ කියන ෆිල්ම් දෙකම කරන්න මුලින් භාර ගත්තේ නැහැ නේද?

ප‍්‍රියංකා - දෝස්තානා ෆිල්ම් එක බැහැ කිව්වේ නැහැ. ඒත් කමීනේ එකනම් මුලින් භාර ගත්තේ නැහැ. ෆැෂන් ෆිල්ම් එකත් මම මුලින් භාර ගත්තේ නැහැ. ෆැෂන් ෆිල්ම් එකට මට කතා කරනකොට මම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඇවිත් අවුරුදු තුන හතරකට වඩා නැහැ. ඒ වගෙ ෆිල්ම් එකක් කරන්න පුළුවන්කමක් තියේවී කියලා මට හිතුනේ නැහැ. ඒ නිසා මම මධුර්ට කිව්වා සර් මට මේක කරන්න පුළුවන්වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. ඒත් ඔහුට මටත් වඩා විශ්වාසයක් තිබුණා මගේ දක්ෂතා ගැන. ඔයා රඟපාන්නේ නැත්නම් මම මේ ෆිල්ම් එක ක‍රන්නේ නැහැ කියලා ඔහු කිව්වා. කමීනේ ෆිල්ම් එකෙ මට සීන් අටක් විතරයි තියෙන්නේ කිව්වා. මම විශාල් සර්ට කිව්වා සීන් අටක් විතරනේ තියෙන්නේ මට බැහැ කියලා. එතුමා කීවා මුලින්ම ස්ක‍්‍රිප්ට් එක බලලා ඉන්නකෝ කියලා.. එතකොට මම දෝස්තානා ෆිල්ම් එකේ ෂූටිංවල හිටියේ. සෙට් එකට ඇවිත් එතුමා මට ෆිල්ම් එක ගැන කිව්වා. මම හිතන්වා විශාල් සර් ඉන්දියාවේ ෆිල්ම් හදන අයගෙන් හොඳම කෙනෙක්. ඉතින් මම පස්සෙ එකඟවුණා ඒ ෆිල්ම් එකෙත් රඟපාන්න.

රජත් - දෝස්තාන වගෙ ෆිල්ම් එකක් කරන කාලයේම කමීනෙ වගේ ෆිල්ම් එකක් කරන එක අපහසු වෙන්න ඇති නේද?

ප‍්‍රියංකා - නැහැනේ. මම හැමදාම එකකට එකක් වෙනස් ෆිල්ම්නේ කරන්නේ. එක තැනක ඩොන් රඟපානකොට තවත් තැනක් සාත් ඛූන් මාෆ්, තවක තැනක ක‍්‍රිෂ් රඟපානකොට තවත් තැනක් බර්ෆී රඟපානවා. මම වෙනස් ෆිල්ම් කරන්න කැමතියි. එක වගේ ෆිල්ම් කරන කොට මටත් බෝරිං වෙනවනේ. අනික මම කැමරාව මගේ ෆැමිලි එක කියලා හිතාගෙනයි ඇක්ට් කරන්නේ. ඕනම් චරිතයක් ඒ නිසා මට කරන්න ගොඩාක් පහසුයි. මම අවුරුද්දකට ෆිල්ම් හයක් විතර කරලා තියෙනවා.

රජත් - ඔබ සිරුර ගැන එච්ච‍ර හිතන්නේ නැහැ නේද? කෑමත් හොඳට කනවා ජිම් යන්නත් බයයි කියලා මට දැනගන්න ලැබුණා.

ප‍්‍රියංකා - බයක් නෙවෙයි ජිම් යන්න මම කම්මැලියි ටිකක්. මම මහන්සිවෙලා ගෙදර ආවම මට අම්මා ජිම් යන්න කියලා බල කරන්නෙත් නැහැ. හොඳට කනවා, ඒක අැත්ත

රජත් - ශාරුක් ඛාන් ගැන...

ප‍්‍රියංකා - සර් අපි ඔහු ගැන කතා කරන්නේ නැතුව ඉමු. මොකද මීඩියාවලින් මට ශාරුක් සර්වත් පටලවලා කතා ගෙතුවනේ.

රජත් - අද අපි ගොඩාක් දේවල් ගැන ප‍්‍රියංකාට චෝදනා ගොනු කළා. විනිසුරුගේ තීරණය සඳහා දැන් අපිට යොමුවෙන්නට සිද්ධවෙනවා.

විනිසුරු - ප‍්‍රියංකා කියන්නේ ගොඩාක් ලස්සන වගේම බුද්ධිමත් අති දක්ෂ රංගන ශිල්පිනියක් කියන එක මේ වනවිට ලෝකයටම ඔප්පු කරලා පෙන්නලා අවසන්. මොකද ඇය මේ වනවිට අමෙරිකාවේ ටෙලි නාට්‍ය මාලාවක් වන බේ වොච් මාලා නාටකයේ රංගනයෙහි යෙදෙනවා. අද ප‍්‍රියංකා රජත් ඇහුව හැම ප‍්‍රශන්යකටම පිළිතුරු මනාලෙස ලබා දුන්නා. මේ අධිකරණයට ඔබ සිදුකළ (සාත් ඛූන් මාෆ්) මිනීමැරුම් සඳහා සමාව දිය නොහැකි වුවත් ඒ තේරුම තියෙන ෆිල්ම් එකේ කළ රංගනය වෙනුවෙන් අපිට සමාව දිය හැකි වෙනවා. ඒ සඳහා පුංචි දඬුවමක් දෙනවා. මෙතන ඉන්න අය දන්නේ නැති වුණත් මම දන්න දෙයක් තියෙනවා. ප‍්‍රියංකාට සම්පූර්ණ ගීතයක් වුණත් සිවුරුහන් කිරීමේ හැකියාවක් තියෙනවා. ගීතයක කොටසක් සිවුරුහන් කිරීමට නියෝග කරමින් ඇයව නිදොස් කොට නිදහස් කරනවා.

රජත් - ප්‍රියංකාගේ සියලු බලාපොරොත්තු ඉටුවේයැයි ප‍්‍රාර්ථනා කරමින් තවත් සුන්දර ෆිල්ම් රාශියකින් අපව පිනවීමට හැකියාව ලැබේවායැයි පතමින් අප සමුගන්නවා. ලබන සතියෙත් තවත් තරැවකට චෝදනා ගොනු කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබේ උසාවියෙන් සමුගන්නවා.

ප්‍රියංකා චොප්රා

2000 වසරෙදි මිස් වර්ල්ඩ් තරගයෙන් පළමු ස්ථානය ලැබීමට පෙරාතුව ප‍්‍රියංකා චොප්රා 2000 වසරේදීම ඉන්දියාවේ පැවැත්වෙන මිස් ෆෙමිනා තරගයට ඉදිරිපත් වී එයින් දෙවැනි ස්ථානය ලබාගත්තාය. මේ වනවිට පර්පල් පෙබ්ල් පික්චර් නමින් ඇය තමන්ගේම ප‍්‍රඩක්ෂන් ආයතනයක් පවත්වාගෙන යන්නීය. ඒ ආයතනය මගින් මරාතී හාස්‍ය නාට්‍යක් 2016දී නිෂ්පාදනය කරන ලදී. එමෙන්ම ඇය විසින් 2002 වසරේදී ඇයගේ පළමු ගීතය උල්ලතායි කිල්ලතේ තම්සාන් චිත‍්‍රපටයක් වෙනුවෙන් ගායනා කොට ඇත. ප‍්‍රියංකා ගායනා කළ ඉන් මයි සිටි යන ගීතයෙහි පිටපත් 130000ක් අලෙවි වී ඇති අතර එය අලෙවි වාර්තාවලටද ඇතුළත්ව ඇත. එමෙන්ම අමෙරිකාවේ රැප් ගායකයෙකුවන පිට්බුල් සමඟින් ගායනා කළ එක්සෝටික් කියන ගීතය සහ විෂුවල් එක වාර්තා අතරට පත් වූවකි. ඇය විසින්ද ප‍්‍රියංකා චොප්රා ළමා සෞඛ්‍ය හා අධ්‍යාපන පදනම නමින් පදනමක් පවතවාගෙන යමින් මනා සේවයක් ඉටු කරනු ලබයි. ඇය විසින් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතර ඇය කරන සමාජ සත්කාර වැඩසටහන් සහ ඇයගැන ලියන්නට තවත් බොහො දේ ඉතා කෙටියෙන් ගොනු කර ඇති බව කරුණාවෙන් සලකන්න.

Translation — Chandana waravitage (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එක වගේ ඒවා කරද්දි මට හරි බෝරිං අනේ"

    Post a Comment