දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පාසල් සිසුවෙකු දුම්රිය මාර්ගයේ සවිකර තිබු කණුවක ගැටී බිමට ඇද වැටී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
පසුව අදාළ සිසුවාව නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වටවල පොලිසිය පැවසුවා. නාවලපිටියේ සිට කොටගල දක්වා ධාවනය වු භාණ්ඩ ප‍්‍රවහාන දුම්රියේ අදාළ සිසුවා ගමන් කර තිබෙනවා.
මෙම අනතුර සිදුවි ඇත්තේ අද (21) දහවල් 1.45 ට පමණ වටවල සහ ගලබොඩ දුම්රිය ස්ථාන දෙක අතර අනුනවය සැතපුම් කණුව
අසලයි.
දුම්රියෙන් ඇද වැටුණු පාසල් සිසුවා දුම්රිය මාර්ගයේ වැටි සිටිනු දුටු ප‍්‍රදේශවාසින් ඒ පිළිබදව වටවල දුම්රිය ස්ථානය වෙත දැනුම් දීමෙන් පසු බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ එම පාසල් සිසුවාව රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
එහිදී නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගෙන ගොස් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට වටවල දුම්රිය ස්ථානයේ නිළධාරින් කටයුතු කර තිබුණා.

(nethnews)
Share this
|
|
0 Comment to "දුම්රිය පා පුවරුවේ ගිය දරුවා අවාසනාවන්ත ලෙස කණුවක ගැටෙයි (Photos)"
Post a Comment