21 May, 2017

ලිංගික වහල් සේවය තවමත් ක්‍රියාත්මකයි ?

Sexual slavery - Prostitiuets

තවමත් ලෝකයේ මිනිස් ජාවාරම්කරුවන් අඩු වැඩි වශයෙන් සිටින බව නොරහසක්. ලිංගික වහල් සේවය අතීතයේ වගේම වර්තමානයේත් බොහොම ඉහලින් සිදුවන්නක්. 

ලිංගික වහල් සේවය සඳහා සිරකරගෙන සිටි බව පැවසෙන ගැහැණු ළමයෙකු නිවසින් පලායමින් සිටියදී හමුවී ඇතිබව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසනවා. 

දාහත් හැවිරිදි ගිනීයා ජාතික යෞවනියට රැකියාවක් ලබාදෙන බව පවසමින් පසුගිය අප්‍රේල් මාසයේදී යම් පුද්ගලයෙකු විසින් සිඩ්නි නුවරට රැගෙන එනු ලැබ ඇති බව සහ එම පුද්ගලයා විසින් ඇය නිවසක රඳවනු ලැබ සිටි බවත් එතැනින් පලායන තුරු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ඇය ලිංගික අතවරයට ලක්වූ බවත් චෝදනාකර තිබෙන බව නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කරනවා. 

ඇයට එම නිවසින් පලායාමට අවස්ථාව ලැබී ඇත්තේ අප්‍රේල් විසිහත් වැනිදා බවත් පලායමින් සිටියදී හමුවූ කාන්තාවක් විසින් ඇය ප්‍රජා මධ්‍යස්ථානයකට භාරදෙනු ලැබ තිබෙන බවත් සඳහන්. 

ඔස්ට්‍රේලියානු පොලිසියේ, ලිංගික අපරාධ සහ මිනිස් ජාවාරම් මැඬලීමේ බලකාය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා. 

ලිංගික වහල් සේවයට යොදාගත් බව පැවසෙන මෙම ගැහැණු ළමයා මේ වනවිට රෝහල්ගතව සිටිනවා. ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වූ පුද්ගලයා ගිනීයා රාජ්‍යයේ දී තමන්ට හමුවූයේ පසුගිය ජනවාරියේදී බවය. 

අනතුරුව ඔහු විසින් පැරිසිය හරහා ඔස්ට්‍රේලියාවට තමන් රැගෙන එනු ලැබූ බවත් ඇය පවසා තිබෙනවා. 17 හැවිරිදි මෙම යෞවනියට ලිංගික අතවර කළ බව පැවසෙන පිරිස සොයා පොලිසිය විමර්ශන දියත්කර තිබෙනවා. (am)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගික වහල් සේවය තවමත් ක්‍රියාත්මකයි ?"

    Post a Comment