28 May, 2017

සනීගේ පුතත් සිනමාවට

karan deol

ජනප්‍රිය සිනමා නළු සනි ඩියොල්ගේ වැඩිමහල් පුත් කරන් ඩියොල් මේ වනවිට බොලිවුඩ් සිනමාවට පිවිසි සිටියි. ඒ සිය පියාගේම සිනමා නිර්මාණයක් වූ ‘පල් පල් දිල් කා පාස්’ චිත්‍රපටය හරහාය. 

සූන්දර ආදර කතාවක් ඇතුලත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන් ඩියොල් විසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

20 වැනි වියෙහි පසුවන කරන් ඩියොල් ‘පල් පල් දිල් කා පාස්’ චිත්‍රපටයේ පෙනි සිටින්නේ ශ්‍රී දේවිගේ දියණිය ජාන්වි කපූර් හා සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා ඛාන් සමගින් බව සඳහන් වේ. 

මෙම චිත්‍රපටය මේ වසරේ අවසන් භාගයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී තිරගත කිරිමට නියමිතව ඇත. (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සනීගේ පුතත් සිනමාවට"

    Post a Comment