17 May, 2017

'දුෂිතයින්ට සහනයක්' - පුර්ණ කැබිනට් සංශෝධනයක් !

ranil-maithri-04

ඉදිරියේදී පුර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග චීනයේ සංචාරයක නිරතව සිටින එජාප ප්‍රබල ඇමතිවරයකු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් එම එකඟත්ව දැනුම්දී තිබේ.

මෙම කැබිනට් සංශෝධනයේදී පසුගිය වකවානුවේ මාධ්‍ය හරහා බරපතල විවේචනයට ලක්වූ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ධුර පමණක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිට ඇත.

එහෙත්, එවැනි තත්වයකදී එසේ ධුරයෙන් මාරු කරන ලද ඇමතිවරුන් දුෂකයින් ලෙස සමාජය තුල තහවුරුවීම තුල ඔවුන් දේශපාලනික වශයෙන් අනාතවීමේ අවධානම සලකා පුර්ණ කැබිනට් සංශෝධනයකට ජනාධිපතිවරයා එකඟත්වය පළකර තිබේ.

එසේ, ජනාධිපතිවරයා හමුවී පුර්ණ කැබිනට් සංශෝධනයක අවශ්‍යතාවය පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් පිරිසකි.

මේ අනුව දුෂිත ඇමතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමට ජනාධිපතිවරයා සැලසුම් කල කැබිනට් සංශෝධනය, අගමැතිවරයාගේ ද එකඟත්වයෙන් ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇත්තේ යහපාලන ආණ්ඩුව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සිදුකෙරෙන සංශෝධනයක් ලෙසිනි. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'දුෂිතයින්ට සහනයක්' - පුර්ණ කැබිනට් සංශෝධනයක් ! "

    Post a Comment