15 May, 2017

කසාද නොබැන්දාට අපි දෙන්නා හැමදෙයක්ම ෂෙයාර් කරගන්නවා - දමිතා අබේරත්න

damitha abeyratne with boyfriend

දමිතා මේ දවස්වල කාර්යබහුල ජිවිතයක් ගත කරන රංගන ශිල්පිණියක් වෙලා නේද..?
අවුරුදු දෙකක කාලයක ඉදලා එක දිගට කාර්යබහුලයි. විවේකයක් නැති තරම්.

අලුත් නිර්මාණවලින් දකින්න ලැබෙනවද ඉදිරියේදීත්..?
ඔව්. මේ දවස්වල ලස්සන කතාවක් තියෙන පිටපතක වැඩ කරගෙන යනවා. මම රගපාන්නේ වලව්වක චරිතයක්.හමේ වර්ණය අඩු කැත කාන්තාවක් ඇගේ අවලස්සන නිසා මුහුණ දෙන සිදුවීම් සහිත ජිවිතයක් මම රගපාන්නේ. ඒ චරිතයෙන් අභ්‍යන්තර හැගීම් කියවෙන්නේ. කාලෙකට පස්සේ ලස්සන චරිතයක් ලැබුණා. ඒ නිර්මාණයෙන් දකින්න පුළුවන් ඉදිරියේදී.

සිනමාවට වේදිකාවට දැන් ඇරයුම් ලැබෙනවා අඩුද...?
වේදිකා නාට්‍යවලට නම් සම්බන්ධ වෙනවා අඩුයි. වෙලාවක් නැති නිසා. මේ දවස්වල ජෝඩු ජෝඩු නාට්‍ය වේදිකා ගත කරනවා. සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. සිනමාවට ආරාධනා ලැබෙනවා ටිකක් අඩුයි. මම හිතන්නේ සිනමා නිර්මාණ බිහිවීමේ අඩුවක් තියනවා. ඒ නිසා වෙන්න ඇති.

දමිතා කියන්නේ වාණිජ නිර්මාණ වලට වඩා කලාත්මක නිර්මාණ වලින් දකින්න ලබන කෙනෙක්. ඔබේ රංගනයේ පැවැත්මටත් ඒක හේතුවක් වුණා කිව්වොත්...?
අදටත් මට ලැබීම තියෙන්නේ ඒ නිසයි. දමිතා අබේරත්න කියන චරිතයට වටිනාකමක් ලැබුණේ දක්ෂ නිර්මාණකරුවෝ අධ්‍යක්ෂණය කළ නිර්මානාත්මක චරිතවලට මට අවස්තාවක් නිතරම ලැබුණු නිසයි. ඒ හරහා මගේ දක්ෂතා පෙන්නන්න පුළුවන් වුණා. මම රංගනයට ඇවිත් අවුරුදු 35යි. මේ ගමන ලෙහෙසි පහසු වුණේ නැහැ. මට ලැබුණු හැම චරිතයකටම මම හැමදාමත් සාධාරණ රංගනයක් ලබා දුන්නා. ඒ නිසා මගේ පැවැත්ම ගොඩ නැගුණා. රංගන ශිල්පිණියක් විදිහට ඒ නිසා මට සතුටු වෙන්නත් පුළුවන්කමක් ලැබිලා තියනවා. මේ ගමනේදී මට සම්මාන 33ක් ලැබුණා. අන්තර්ජාතික සම්මාන දෙකක් එක්ක.

අද කාලේ ජනප්‍රිය වෙන්න හෝ පැවැත්ම හදාගන්න ගිහින් බොහෝ තරුණියන් අමාරුවේ වැටෙනවා. චෝදනාවක් තියනවා නවක නිළියන්ගෙන් අධ්‍යක්ෂකවරුන්ගෙන් අයුතු යෝජනා එනවා කියලා. දමිතාත් ඒ විදිහට අපහසුතාවයට ලක් වෙලා තියනවද..?
මම රගපාන්න එන්නේ මට වයස අවුරුදු 7ක් තියෙද්දී. මම තරුණ කාලේ මේ ක්ෂේත්‍රයේ හිටපු ඉන්න හැම කෙනෙක්ම හොදින් අදුරනවා. හිතවත්. ඒ නිසා ඒ වගේ බලපෑම් එන්න හිස්තැනක් මට ඇති වුණේ නැහැ. ඇති කරගත්තෙත් නැහැ. දැන් නවක නිළියන්ට වෙන දේ ගැන අහන්න දකින්න ලැබෙනවා. දක්ෂ නම් ඉබේටම තැනක් ලැබෙනවා. කොහොම නමුත් රංගනය තුළ පැවැත්ම හදාගන්න කියලා අනවශ්‍ය විදිහට හැසිරෙන එක නම් හොද දෙයක් නෙමෙයි.ජීවිතය විකුණනවට වඩා හොදයි පිටරට ගිහින් ටොයිලට් හේදුවත්. ඒක නම්බුකාරයි.

ඔබ නර්තනයටත් දක්ෂයි. දැන් නටන්නේ නැද්ද...?
නටන එක නතර කරලා තිබුණා. දැන් මගේ නැටීමේ ජවයත් අඩු වෙලා කියලා මටම තේරිලා තියනවා. ඒ නිසා අයෙමත් නටන්න පටන් ගන්න ඕන. මම හිපොප් නර්තන පංතියකට යන්න හිතාගෙන ඉන්නේ. නර්තනයෙනුත් මානසික සුවයක් ලැබෙනවා.

හැමදාමත් කල් යන දමිතාගේ ආදරේ ගැන කතා කළොත්..?
මමයි මගේ පෙම්වතයි සතුටින් ජිවත් වෙනවා. අපේ ආදරේට දැන් වයස 14යි. ඒත් සතුටින් ඉන්න පුළුවන් වෙලා තියනවා. මම හැමදාමත් හිතුවේ මගේ විවාහ ජීවිතය ලස්සනට තියෙන්න ඕන කියලා. මම කැමැත්තෙන් හිටපු ඒ දේ මට පරක්කුයි. මොකක් හෝ හේතුවක් නිසා විවාහය කල් යනවා. හැමෝම සර්වසම්පුර්ණ කරන්නේ නැහැ දෙවියෝ කියන කතාව ඇත්ත. මට ඒ දේ සම්පුර්ණ කරගන්න බැරි වුණා. මගේ හදහනෙත් විවාහයක් ගැන හරියට පෙන්නන්නේ නැහැ. කසාදය කියන දේ කොලේක ලියවුණේ නැති වුණාට අපි දෙන්නා හැම දෙයක්ම ෂෙයාර් කරගන්නවා. විවාහය වෙන දවසක හොද විදිහට වෙයි.

විවාහ වුණාට පස්සේ දමිතාව රංගනයෙන් දකින්න නොලැබෙන නිසාද දැන් කාර්ය බහුල වෙලා ඉන්නේ...?
මම විවාහ වුණත් රගපානවා. මම මැරෙනකල්ම රගපාන එක අත් හරින්නේ නැහැ. රංගනය කියන්නේ මගේ ජිවිතේ වගෙයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කසාද නොබැන්දාට අපි දෙන්නා හැමදෙයක්ම ෂෙයාර් කරගන්නවා - දමිතා අබේරත්න"

    Post a Comment