විරෝධතාවක නිරත වූ සරසවි සිසුන්ට ඊයේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
මේ සිද්ධියේදී සිසුන් කිහිප දෙනෙකුට තුවාල සිදුවූ අතර තවත් සිසුන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා. පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී සිසුන් ඒ මේ අත දිව යන ආකාරයද දැකගන්නට ලැබුණා.
කෙසේ වෙතත් ඊයේ අතිවූ මේ සිද්ධිය
ගැන සමාජ මාධ්‍ය හරහාද විවිධ අදහස් පළව තිබුණා. ඒ අතර තරුණයෙකු තැබූ ෆේස්බුක් සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වනු දකින්නට ලැබුණා.
එහිදි ඔහු පවසා තිබුණේ ‘‘ හැබැයි පොලිසියේ උන් අපේ කැහුටු ශරීරේ ටාගට් කරලා කදුලු ගෑස් ගහනකොට නෙලුම් පොකුනේ ගාඩ් එකට ඉන්න ආමි එකේ කොල්ලෝ "මල්ලි උන්ට නොපෙනෙන්න මේ පැත්තෙන් වරෙන් " කියලා වතුර දෙනවා දැක්කා...“ යනුවෙන්.
ඔහුගේ ෆේස්බුක් සටහන පහතින්...

Share this
|
|
0 Comment to "පොලිසිය කඳුළු ගෑස් ගහද්දි ‘‘මල්ලි මේ පැත්තෙන් වරෙන්“ කියලා වතුර දුන්න ආමි කොල්ලො"
Post a Comment