ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයකු මෙතෙක් දැක්වූ දෙවැනි හොඳම දක්ෂතම වාර්තා කරමින් මීටර 82.19 ක දක්ෂතාවයක් ඊයේ වාර්තා කළ යුද හමුදා ක්‍රීඩක වරුණ ලක්ෂාන් එම දක්ෂතම මීටර 83.00ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූයේ නම් අගෝස්තු 4 සිට 13 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය හා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ද සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණි.
මෙතෙක්
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයකු දැක්වූ හොඳම දක්ෂතාවය වාර්තා කර තිබෙන (මීටර 83.04) සුමේධ රණසිංහ ඒ හේතුවෙන් රියෝ ඔලිම්පික් උළෙලට ද (2016) සුදුසුකම් ලබා ගත්තේය. සුමේධගේ දස්කම් ඊයේ මීටර 77.92 කට සීමා වූ අතර, ඔහු නොබෝදා “සිඞ්නි” නුවරදී නිමාව දුටු ඕස්ට්‍රේලියානු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වෙමින් මීටර 77.93 ක දක්ෂතාවයක් පෙන්වා තිබුණි.
ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය එළෙඹෙන “බැංකොක්” ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් එහි ශ්‍රී ලංකා පූර්ව පුහුණු සංචිතය නිර්දේශ කිරීම සඳහා පැවැත්වුණි. මෙම තරගාවලිය එළඹෙන මැයි 20 වැනිදා බැංකොක් නුවරදී ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ලබන ජූලි මාසය දක්වා කල්දමා තිබේ.

Share this
|
|
0 Comment to "ලෝක ශූරතාවලියට මීටරයක් මෑතින් හෙල්ල බිම"
Post a Comment