08 April, 2017

බංගලිදේශ ඉස්‌ලාමීය අන්තවාදීහු වෝග් සඟරාවේ පෙනී සිටි නිරූපිකාව මරා දමති

raudha athif

සුප්‍රකට වෝග් සඟරාවේ පිට කවරය සඳහා පෙනී සිටි නිරූපිකාවක්‌ වූ රවුඩා අතිප් බංගලිදේශ ඉස්‌ලාමීය අන්තවාදීන් විසින් මරා දමා ඇත. ඇය මරාදමා ඇත්තේ ඉස්‌ලාමීය ඇඳුමින් සැරසී නොසිටීම නිසා බව වාර්තා වී තිබේ.

ඇගේ සිරුර පිළිබඳ වෝහාරික පරීක්‍ෂණය කළ වෛද්‍යවරු පවසන්නේ රවුඩා සිය දිවි නසාගෙන ඇති බවකි. එහෙත් මවුපියන් එම ප්‍රකාශය පිළිගෙන
නැත. 21 හැවිරිදි වියේ පසුවූ රවුඩා ඉස්‌ලාම් බෑන්ක්‌ වෛද්‍ය විදුහලේ නේවාසිකාගාරයේ කාමරයක මැරී සිටියදී සිසුවියන් විසින් සොයා ගෙන තිබුණි.

රවුඩා අතිප් මාලදිවයින් තරුණියකි. වෝග් සඟරාවේ පෙනීසිටීම ගැන ඉස්‌ලාමීය අන්තවාදීන් විසින් ඇයට තර්ජනය කර තිබූ බවද වාර්තා වී ඇත.

raudha athif-02

(Divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බංගලිදේශ ඉස්‌ලාමීය අන්තවාදීහු වෝග් සඟරාවේ පෙනී සිටි නිරූපිකාව මරා දමති"

    Post a Comment