06 April, 2017

ෆේස්බුක් එකේ නිරුවත් වෙන්න ගියොත් වැඩ වරදී

Couple nude Phone sex

ෆේස්බුක් කියන්නේ අද වෙද්දීනම් හැමෝටම සමීප දෙයක් තරමට ජිවිතයේ කොටසක් වෙලා. මේකෙන් අපිට රටට සමාජයට සිද්ධ වෙන හොඳ දේ වගේම නරක දේවලුත් තියනවා. හොඳට පාවිච්චි කරන අයට හොඳත් නරකට පාවිච්චි කරන අයට නරක ප්‍රතිපලත් මින් ඕනේ තරම් ලැබෙනවා. බොහෝ දෙනෙක් ෆේස්බුක් වල වැරදි නම් වලින් වැරදි ගිණුම් හදාගෙන අසභ්‍ය වීඩියෝ අසභ්‍ය ජයාරූප සමාජයට මුදා හරින අවස්ථා ඕනේ තරම් තියනවා. මේකට බිලි වෙන්නේ මේ අසභ්‍ය වැඩේ කරන අය විතරක් නෙමේ. ෆේස්බුක් එකේ යහපත් දේවල් සොයා සැරිසරන අයත්.

facebook ආයතනය මේ වැරදි වැඩේ නතර කරන්න පියවර ගෙන තිබෙනවා. මේ සඳහා facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නටයි යන්නේ.

මේකට කියන්නේ photo-matching technologies කියලයි.

මේකෙන් පස්සේ යම් කිසි කෙනෙක් ඔබේ අකමැත්තකින් ඔබගේ හෝ ඇයගේ ගිණුමට අසභ්‍ය වීඩියෝ පටයක් හෝ අසභ්‍ය ඡායාරූප මුදා හරිනු ලැබුවොත් අදාල කෙනාට විරුද්ධව කඩිනමින් පියවර ගැනීමට facebook ආයතනය කටයුතු කරනවා. මේ වෙනුවෙන් අදාළ කටයුතු සිදුකිරීමට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් මේ වන විටත් කාර්යේ යොදවලා තියෙන බවයි දැන ගන්නට ලැබුණේ.

ඕන්න ඉතින් මේ අසභ්‍ය කතාන්දරය ඇතුලේ ඔයත් ඉන්නවනම් දැන්ම දැන්ම මහත්මයෙක් මහත්මියක් වගේ මේ නොහිබිනා කටයුත්තෙන් මිදුනොත් හොඳයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆේස්බුක් එකේ නිරුවත් වෙන්න ගියොත් වැඩ වරදී"

    Post a Comment