22 April, 2017

මහින්දගේ අවුරුදු වෙනම නැකතකට

mahinda-rajapaksa

මෙවර සිංහල දෙමළ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර විධි සැමරීමේ නැකත්වල පැවති යම් යම් දෝෂ හේතුවෙන් තමන් අවුරුදු නැකත් සැමරීම සිදුකළේ කළින් ඉදිරිපත් කරන ලද නැකැත් චාරිත්‍ර අනුව නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු උත්සවය නිමිත්තෙන් මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරැන් සහ අනුනායක හිමිවරුන්
හමුවෙහි පැවසීය.

මෙවර අවුරුදු නැකැත් පිළිබඳව තමන්ට කිසිදු විශ්වාසයක් නොතිබූ බැවින් තමන් අවුරුදු චාරිත්‍ර සැමරීම සිදුකළේ තමන් විසින්ම යොදාගත් විශේෂ නැකැත් වේලාවන් තුළ බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී මහානායක හිමිවරුන් හමුවේ කීය.

තමන් රට පාලනය කරන සමයේදී අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා වූ සකසන ලද නැකැත් වේලාවන් තුළදී සියලු චාරිත්‍ර එකම දිනයේදී නිසිලෙස ඉටුකළ බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

l ජේ.ඒ.එල්. ජයසිංහ (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මහින්දගේ අවුරුදු වෙනම නැකතකට"

    Post a Comment