07 April, 2017

දින දෙකක් කඩොල්කැලේ රැය පහන් කළ බාලවයස්කාර සිසුවෙකු හා සිසුවියක අත්අඩංගුවට

Young couple arrested

කටුනායක පොලිසිය විසින් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවෙකු හා සිසුවියක අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ, නිවෙස්වලින් බැහැරව දින දෙකක් ක්‍රීඩාංගණයක ගත කිරීම හේතුවෙන්.

පහළොස් හැවිරිදි මෙම සිසුවා හා
සිසුවිය ඉකුත් දෙවන දින පාසල් යාම සඳහා නිවෙස්වලින් පැමිණ ඇති අතර අනතුරුව ඔවුන් දෙදෙනා දින දෙකක් පමණ මීගමුව කඩොල්කැලේ මහජන ක්‍රීඩාංගණයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිසුවියගේ මව්පියන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනා සොයා ගෙන තිබෙනවා.

සිදධියට සම්බන්ධ සිසුවා අයිස් ක්‍රීම් මිලට ගැනීමට යැයි පවසා රුපියල් දෙසියයක මුදලක් දෙමව්පියන්ගෙන් ලබා ගෙන නිවසෙන් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දින දෙකක් කඩොල්කැලේ රැය පහන් කළ බාලවයස්කාර සිසුවෙකු හා සිසුවියක අත්අඩංගුවට"

    Post a Comment