22 April, 2017

වාහනයේ වේගය වැඩිනම් දඩයත් වැඩිවෙන අලුත් නීතියක්..!

Internet-Speed-Tests-Header

අධික වේගයෙන් ධාවනය වන වාහනවලට එරෙහිව දඩමුදල් අය කිරීම වාහනයේ වේගය අනුව වැඩි වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසනවා.

ඒ අනුව
සාමාන්‍ය වාහන සඳහා අනුමත උපරිම වේගය වන පැයට කිලෝමීටර් 70 ඉක්මවා යන වාහන පැයට කිලෝමීටර් 80 දක්වා වේගයකින් ගමන් කළ හොත් අය කරනු ලබන දඩමුදලට වඩා වැඩි දඩමුදලක් පැයට කිලෝමීටර් 80ත්-90ත් අතර වේගයකින් ගමන් කළ විට අය කෙරෙන අතර, පැයට කිලෝමීටර් 90ත්-100ත් අතර දඩමුදල් තවත් වැඩි වන ආකාරයට දිගින් දිගටම වේගය අනුව දඩය වැඩි කිරීමට ඉන් යෝජනා කෙරෙනවා.

අධිවේගී මාර්ගයේද මේ ආකාරයෙන්ම දඩමුදල් වැඩි කිරීම සිදු වනු ඇති. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වාහනයේ වේගය වැඩිනම් දඩයත් වැඩිවෙන අලුත් නීතියක්..!"

    Post a Comment