27 April, 2017

සිය ආගම සෙවීමට DNA පරීක්ෂණයක් කළ නළුවා (Video)

Nawazuddin Siddiqui DNA Test

බොලිවුඩ් නළු නවාසුදීන් සිද්ධිකී සිය ආගම සෙවීම සඳහා ඩී.එන්.ඒ. පරීකෂාවක් සිදුකර තිබේ. ඔහු එම පරීක්ෂණයේ ප්‍රතිඵල සිය ට්විටර් ගිණුම හරහා පළ වීඩියෝවක් ලෙස පළකර තිබේ.

16.66 යන මාතෘකාව යටතේ මෙම වීඩියෝව ඔහු ට්විටර් ගිණුමට එක්කර අැත. තමාව හඳුන්වා දෙමින් වීඩියෝව ආරම්භ කරන නවාසුදීන් පවසන්නේ සිය ආගම සොයාගැනීම සඳහා ඩි.එන්.ඒ. පරීක්ෂණයක් කළ බවත් එහි ප්‍රතිඵල ලැබුණු බවත්ය.

වර්තමානයේ ලෝකයේ පවතින ආගම්වාදී ගැටලු සඳහා ජනතාවට පණිවිඩයක් ලබාදීමට ඔහු මෙම වීඩියෝව නිර්මාණය කර තිබුණු අතර, ඒ ඒ ආගම්වලට අනන්‍ය වූ ඇඳුමෙන් සැරසී සිටින නවාසුදීන් ඩී.එන්.ඒ. ප්‍රතිඵලය අනුව තමන් සෑම ආගමකමට සියයට 16.66ක් අයත් බව පෙන්වා දෙයි. අවසානයේදී තමන් 100%ක් කලාකරුවෙක් බවට හඳුනාගත් බව නවාසුදීන් පවසයි.



(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිය ආගම සෙවීමට DNA පරීක්ෂණයක් කළ නළුවා (Video)"

    Post a Comment