27 April, 2017

සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව කියන 'SFලොක්කා' හොරකමේ ගිහින් මාට්ටු වුණ හැටි

SF Lokka-Iron Ranasinghe-02

ගිනස්‌ වාර්තා තැබූ කරාටේ වසන්ත ඝාතනය කිරීම, කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් මුළු අනුරාධපුරයම භීතියට පත් කර ගෙන සිටින එස්‌. එෆ්. ලොක්‌කා නමැති පාතාල නායකයා පසුගිය කාලයේ සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින බවට වූ මතයක් එක්තරා කණ්ඩායම් සමාජ ගත කරනු දක්නට ලැබුණා.

ඇප මත සිටින මෙම පුද්ගලයා අනුරාධපුර පොලිසිය මගින් ඊයේ (26 ) දහවල් යළි අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයක්‌ පදවාගෙන යමින් සිටියදී මගරැක සිටි පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසිනුයි.

දහයියාගම හන්දියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්බෝම්බයක්‌ ද සමගයි.

කල්බදු නොගෙවූ ජීප් රථයක්‌ සීසර්වරුන් විසින් ඉකුත් 21 වැනිදා රැගෙන යද්දී අනුරාධපුර නගර මධ්‍යයේ ඔවුන් නතර කළ එස්‌. එෆ්. ලොක්‌කා ඔවුන්ට තර්ජනය කර එම ජීප් රථය පැහැරගෙන ගොස්‌ තිබුණා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළා.

එස්‌. එෆ්. ලොක්‌කා විසින් පැහැරගත් ජීප් රථය ද පොලිසිය සොයාගත් අතර එම පැහැර ගැනීමට මොහු පාතාල මැරයන් සමග පැමිණි වෑන් රථය ද ඊයේ පොලිස්‌ භාරයට ගනු ලැබුවා.

ගිනස්‌ වාර්තාලාභියකු මෙන්ම අනුරාධපුර පැනොරාමා හෝටලයේ හිමිකරු වූ කරාටේ වසන්ත ඝාතන සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත්වූ එස්‌. එෆ්. ලොක්‌කා වසර දෙකකට ආසන්න කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පසුගියදා ඇප මත මුදාහැර තිබුණා.

ඇප මත මුදා හැරීමෙන් පසු අනුරාධපුරයට පැමිණි එස්‌. එෆ්. ලොක්‌කා තම පාතාල මැර කල්ලිය සමග එක්‌ව අනුරාධපුරයේ ව්‍යාපාරිකයන්ගෙන් සහ ධනවත් පුද්ගලයන්ගෙන් කප්පම් ලබා ගැනීමට පටන් ගෙන තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබූ බවයි වාර්තා වන්නේ. (neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව කියන 'SFලොක්කා' හොරකමේ ගිහින් මාට්ටු වුණ හැටි"

    Post a Comment