27 April, 2017

ආබාධිත හමුදා සෙබළාගේ බිරිඳ දස දෙනෙක් සමූහ දූෂණය කර වීඩියෝව අන්ර්ජාලයට දමලා

Gampola Gangrape Army solider wife

ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තරුණ මවක් දස දෙනකු අතින් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධිය වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියන පැමිණිල්ලකට අනුව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

මීට වසරකට පෙර මෙම තරුණ මව සිය දරුවා සමඟ නිවෙසේ සිටියදී ප්‍රදේශයේ තරුණයන් ඇතුළු දස දෙනකු එක්ව සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය ගම්පොළ පොලිසිය විමර්ශනය කොට ඊට අදාළ දස දෙනා ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුහු ඇප නොලබා දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලබා සිටී.

එම විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මෙම කාන්තාවගේ සැමියා ආබාධිත යුද හමුදා සෙබළකු බවත් ඔහු සමඟ මත්පැන් බීමට එකතු වූ තරුණයන් දස දෙනකු එම ආබාධිත සෙබළා නිවෙසේ නොමැති අවස්ථාවක මෙම අපරාධය සිදු කොට ඇති බවත්ය.

සිද්ධිය ඇති වී වසරක් ගිය පසු මෙම දස දෙනාගෙන් එක් අයකු හෝ කීප දෙනකු එක්වී මෙම සිද්ධියේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට දමා ඇතැයි ප්‍රකාශ කරමින් එම කාන්තාව ඇතුළු භාරකරුවන් මෙම පැමිණිල්ල සිදු කොට තිබේ.

මුලින්ම ඔවුන් මේ පිළිබඳව ගම්පොළ පොලිසියට පැමිණිලි කිරීමට පැමිණියත් ඒ සම්බන්ධයෙන් තාක්ෂණ පහසුකම්වලින් යුතු වෙනම අංශයක් ඇති නිසා ගම්පොළ පොලිසිය මඟින් ඔවුන් ඒ සඳහා යොමු කර තිබේ.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු කණ්ඩායමක් ගම්පොළට පැමිණ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ළඟදීම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබේ.

ගම්පොළ - මාධව බණ්ඩාර (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආබාධිත හමුදා සෙබළාගේ බිරිඳ දස දෙනෙක් සමූහ දූෂණය කර වීඩියෝව අන්ර්ජාලයට දමලා"

    Post a Comment