
මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම සඳහා දින 14ක් ඇතුළත කරුණු දක්වන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා පසුගිය 05 වන දා අදාළ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබේ.
මෙම සිද්ධියට අදාළව පත් කළ ස්වාධීන පරීක්ෂණ කමිටුව හමුවට නියෝජිතයෙකු යොමු කරන්නැයි කළ දැනුම් දීමට අදාළව ද දෙරණ මාධ්‍ය ජාලය ප්‍රතිචාර දක්වා නොමැත.
දෙරණ මාධ්‍ය ජාලයට එල්ල වී ඇති අදාළ චෝදනා 05 පහත දැක්වේ.
- ජනාධිපතිතුමා විසින් පවත්වන ලද එම කතාවේ හරය විකෘති වන ආකාරයෙන් එය සංස්කරණය කොට දෙරණ
මාධ්‍ය ජාලය ඔස්සේ කිහිපවරක් ප්‍රචාරය කිරීම.
එම නීති විරෝධී ක්‍රියාව මගින් රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි සිදු කිරීම.
ඒ සඳහා රටේ මහජනතාවට අයත් පොදු දේපළක් වන රූපවාහිනී සංඛ්‍යාත අවභාවිත කිරීම.
එසේ විකෘති කරන ලද ප්‍රවෘත්තිය අවස්ථා කිහිපයකදීම දෙරණ මාධ්‍ය ජාලය ඔස්සේ නීති විරෝධී ලෙස ප්‍රචාරය කිරීම තුළින් මහජන මතයට අනිසි බලපෑම් සිදු කිරීම.
එම සිද්ධිය සම්බන්ධයෙන් තම අමාත්‍යංශයට ලැබුණු පැමිණිලි මත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නීත්‍යානුකූලව පියවර ගෙන තිබියදී ඔහුට එරෙහිව තම මාධ්‍ය ජාලය ඔස්සේ සාවද්‍ය මතයක් ප්‍රචාරය කරමින් ඔහුගේ කීර්ති නාමයට හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කීර්ති නාමයට හානි කිරීම.
අදාළ චෝදනා සහිත ලිපිය පහතින් දැක්වේ.
අදාළ චෝදනා සහිත ලිපිය පහතින් දැක්වේ.

Share this
|
|
0 Comment to "දෙරණට වැඩ වරදියි! චෝදනා 5කට වරදකරු වෙයි! – විකාශණ බලපත්‍රය අහිමි වන ලකුණු!"
Post a Comment