08 March, 2017

කෙන්යාවේ විශාලතම දළ ඇතා වූ සයිටෝ මැරූ දඩයම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට

giant tusker Saito-01

කෙන්යාවේ, සාවෝ වනෝද්‍යානයේ සිටි සයිටෝ නමැති දැවැන්ත දළ ඇතා දඩයක්‌කරුවන් පිරිසක්‌ විසින් විෂ පෙවූ ඊතලයක්‌ විදීමෙන් මරාදමා ඇත.

50 හැවිරිදි වියේ පසුවූ මෙම දළ ඇතා මරාදමා දළ කපාගැනීමට උත්සාහ කළ දඩයක්‌කරුවන් දෙදෙනකු වනජීවී රැකවළුන් අත්අඩංගුවට ගෙන තිබේ.

සාවෝ වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් අතර ඉමහත් සේ ජනාදරයට පත්වී සිටි සයිටෝගෙන් කිසිවකුටත් අනතුරක්‌ සිදුවී නැත.

ලොව මෙවන් දළ ඇතුන් ඇත්තේ විසි පහකි.

ගතවූ වර්ෂ කීපය තුළ අප්‍රිකාවේ අලි ඇතුන් සංඛ්‍යාව 415,000 සිට 111,000 ක්‌ දක්‌වා අඩුවී ඇත. මෙයට හේතුවී ඇත්තේ දළ ලබාගැනීමට අලි ඇතුන් දඩයම් කිරීමයි.

giant tusker Saito-02

giant tusker Saito-03



_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෙන්යාවේ විශාලතම දළ ඇතා වූ සයිටෝ මැරූ දඩයම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට"

    Post a Comment