මාර්තු 03 වන දිනට යෙදී ඇති ලෝක වනජීවී දිනය යෙදී තිබීම ද විශේෂත්වයකි.
අද අලුයම් කාලයේදී වන අලියෙකු පහරදීමෙන් තුවාල ලබා පුද්ගලයකු වැටි සිටින බවට පාරේ ගමන් ගත පිරිසක් බකමුණ වනජීවී කාර්යාලයට දැනුම්දී එම නිලධාරින් වහා පැමිණ ඇත.
තුවාල ලද තැනැත්තා රෝහලකට යැවීමට මාර්ගයේ ගමන් ගත් වාහන රැසකට පැයක පමණ කාලයක් නවතා ගැනීමට උත්සහා කලද වාහන හිමියෝ තුවාල කරු දමාගෙන යන්න අකමැති වූ බව වනජීවී නිලධාරීහු පැවසුහ.
පසුව වෙනත් ගමනක් යමින් සිටි දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරි රථයක් නවතා මිනිස් ජිවිතයක වටිනාකම කියා දී තුවාලකරු දඹුල්ල රෝහලට යැවීමට කටයුතු කළේය.
මෙසේ වන අලි පහරකෑමට ලක්ව ඇත්තේ කාගේ කව්ද යන්න පිලිබදව මෙතෙක් හෙළිව නොමැති අතර අදාළ පුද්ගලයා සිහි මද
ගතියකින් පෙලෙන අයකු බවට සැක සිතිය හැකි බව වනජීවී නිලධාරීහු කියති.

-nethgossip




-nethgossip
Share this
|
|
0 Comment to "අමනුස්ස මිනිසුන්ට දඹුල්ලේ පොලීසිය කියාදුන් මනුසත් පාඩම"
Post a Comment