යක්කලමුල්ල පොලිස් වසමේ කොට්ටවගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහසයයි මාස දහයක් වන දැරියකට යක්කලමුල්ල පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් දහවල් 11.15 ට පමණ අපයෝජණයක් සිදුකර ඇති බවට යක්කලමුල්ල පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු දැරියගේ ඥාතිමාමා කෙනෙකු බව ද
පැවසේ.
ඉකුත් 01 දින මෙම දැරිය නිවසේ තනියම සිටියදී සැකකරු දැරියගේ නිවසට පැමිණ කතා කරමින් සිට ඇති අතර පසුව දැරිය කාමරයට පැමිණ සිටිය දී දැරිය තදින් වැළැදගෙන හාදුවක් දුන් බව ද දැරිය විසින් පොලීසියට පැමිණිලි කර ඇත.
පසුව දැරියගේ අතට රුපියල් පන්සියයක් දුන් සැකකරු නිවසින් පිටව ගොස් ඇතැයි දැරිය විසින් පොලීසියට පවසා ඇත.
සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා යක්කලමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(දික්වැල්ලේ තිලකරත්න - ගාල්ල උතුර සමූහ_දිනමිණ)

Share this
|
|
0 Comment to "දැරියකට හදිකල පොලිස් පොඩ්ඩාට වැඩ වරදියි"
Post a Comment