27 March, 2017

මගේ ලේනා වගේමයි - උමාලි ෆෝටෝස් FB දාලා

Danuka-Saranga-Umali

සාරංග සහ උමාලි ගැන පසුගිය දවස් ටිකේම එක එක කතා හැමතැනින්ම වගේ අහන්න දකින්න ලැබුණා. හැමෝගෙම ආදරය දිනාගත්තු යුවළක් විදිහට තමයි සාරංගවත් උමාලිවත් හුඟක් අය හැදින්නුවේ.

ඒත් ධනුක දිල්ෂාන් මැද්දට ඇවිත් සාරංග සහ උමාලි අතර ප්‍රශ්න ඇතිකළා කියලත් සමහරු කිව්වා. ඒ වගේම ධනුක උමාලිට අරන් දීපු ලේනෙක් කියලා ඡායාරූප කිහිපයකුත් හැමතැනම වගේ හුවමාරු වුණා.

කොහොම හරි මේ හැමදේටම උත්තර ධනුක සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

ධනුක මේ දවස්වල හිට් වෙලා වගේ..?

හිට් නම් මන්දා අනේ.. මං මේ දවස්වල ටිකක් කෙට්ටු වෙලා.

ඒ ඇයි.. ජීවිතේ ප්‍රශ්න පත්තරයක් වෙලාද.?

අපෝ නැහැ.. මම මොකටද අනුන්ගේ පවුල් ප්‍රශ්න මගේ කරගන්නේ.

මොනවද ඒ අනුන්ගේ පවුල් ප්‍රශ්න කියන්නේ..?

ඔය පසුගිය ටිකේම දිගට හරහට දාගෙන මඩ ගහන්නේ..

ඔය ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා අහන්න ඕනේ සාරංගගෙන්, උමාලිගෙන්.

ඒත් හැමෝම මගෙන් ප්‍රශ්න අහන්නේ හරියට මම වරදක් කළා වගේ.

ඇත්තටම ධනුක මොකක්ද වුණේ..?

හේතුව නම් දන්නේ නැහැ. මං සුරතලයට ලේනෙක් ඇති කරනවා.

එයාගේ පින්තූර මම ෆේස්බුක් දැම්මා. මොකක්දෝ කරුමෙකට උමාලි ළඟත් ඒ වගේම ලේනෙක් ඉඳලා.

එයත් ඒ පින්තූර ෆේස්බුක් දාලා.

කොහොම හරි කතාව ගියේ මං උමාලිට ලේනෙක් දුන්නා කියලා.

මේ ප්‍රශ්නෙදි සාරංග මොකද කියන්නේ..?

සාරංග නම් එදා වගේම මාත් එක්ක කතා කරනවා.

එක එක අයට ප්‍රශ්නයක් වුණාට අපිටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ.

සාරංගයි මමයි තාමත් හොඳ යාළුවෝ.

මේ වගේ කටකතා එක්ක වැඩකරද්දි ධනුක අපහසුතාවකට පත්වෙන්නේ නැද්ද..?

කට කතා කියන දේවල් නම් මේ ක්ෂේත්‍රයට අලුත් දේවල් නෙවෙයි.

ඒත් මේක බරපතල තත්ත්වයක්. මොකද ලේනෙක් හින්දා පවුලක් කඩාකප්පල් වෙනවා නම් ඒක බොහොම නරක දෙයක්.

ඇයි මිනිස්සු මේ විදිහට අනිත් අයගේ ජීවිතවලට අනව්‍ය විදිහේ බලපෑම් කරන්නේ.

අපේ රටේ අය ඒ අතින් නම් හරිම පහත් මානසිකත්වයක ඉන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ ලේනා වගේමයි - උමාලි ෆෝටෝස් FB දාලා"

    Post a Comment