28 March, 2017

Park Geun-hye අල්ලන්න වරෙන්තු ගන්න හදයි

park-geun-hye


දකුණු කොරියාවේ සිදුවූ බවට පැවසෙන දූෂණ වංචා චෝදනා වලට ඇති සම්බන්ධතාවය හේතුවෙන් එරට හිටපු ජනපතිනි Park Geun-hye ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ගැනීමට පියවර ගනිමින් සිටින බව පැවසේ.

මෙම මාසයේ මුලදී ඇයව බලයෙන් පහකරනු ලැබූ අතර, මේ සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ව්‍යවස්ථාදායක අධිකරණය සහය පළ කර තිබුණි.

විශාල සමාගම් වලින් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට සඳහා සිය සමීප මිතුරිය වන Choi Soon-sil හට අවසර ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන Park Geun-hye පසුගිය සතියේදී මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මහජනයාගෙන් සමාව ද අයැද ඇත. (ශ්‍රීලංකාමිරර්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Park Geun-hye අල්ලන්න වරෙන්තු ගන්න හදයි"

    Post a Comment