ලංකාව තුළ ජීවත්ව සිටියදී නිහාල් ලියනගේ නමින් හැඳින්වූ සිඟිත්තා අද හැඳින්වෙන්නේ නික්‌ලස් පීටර්සන් නමිනි. අගහිඟකම් පිරි පවුලක උපන් වයස අවුරුදු එකහමාරක් පමණ වියේ පසුවෙමින් සිsටි නිහාල් ස්‌වීඩන් ජාතික බො හා බ්රිට් මරි නමැති යුවළට ලබාදුන් බව ඔහුගේ මව වන ගුණවතී ලියනගේ මහත්මිය පැවසුවාය.
පියාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඔහුගේ මව වන ගුණවතී ලියනගේ යන අයට ඇතිව තිබූ දැඩි පීඩනයත්, දරිද්‍රතාවයත් හේතුවෙන් ස්‌වාමිපුරුෂයා හැර දමා ඒමට ඇය තීරණය කර ඇති අතර ඒ අනුව ඇය යට්‌ටපාත ප්‍රදේශයේ සිට දිවි තොර කරගන්නා බලාපොරොත්තුවෙන් බුලත්සිංහල ප්‍රදේශයට පා ගමනින්ම පැමිණෙන අතර හමුවූ කාන්තාවක් සහ තවත් යුවළකගේ ආධාරයෙන් තමාට නඩත්තු කර ගැනීමට නොහැකි මෙම දරුවා ස්‌විඩන් ජාතික යුවළට ලබාදී ඇති
අතර එම යුවළ නීත්‍යානුකූලව මෙම දරුවාගේ අයිතිය ලබාගෙන ස්‌වීඩන් රටට ගෙන ගිය බව මව සඳහන් කර සිටියාය.
අද වන විට නික්‌ලස් පීටර්සන් තරුණයා එරට ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන අතර තම භාරකාර මවුපියන්ගෙන් ලබාගත් තොරතුරු හා කුඩා කාලයේ ලංකාවෙන් යැමට පෙර මව සමඟ සිට ලබාගත් ඡායාරූපයක්‌ද සමඟ ලංකාවට පැමිණ මව සොයා ගැනීම සඳහා බුලත්සිංහල පොලිසියේ සහය පතා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා එම තරුණයා සහ මව බුලත්සිංහල පොලිසියේදී මුණගැස්‌වීමට කටයුතු සූදානම් කර තිබිණි.
වසර තිස්‌තුනකට පෙර අහිමිවූ මවු උණුසුම විඳි එම අවස්‌ථාව ඉතාම සංවේදී අවස්‌ථාවක් වූ අතර බලා සිටි සැමගේ නෙත්වලට කඳුළක් එක්‌කළාය. එම කාන්තාව සමඟ මල්කාන්ති නමැති නික්‌ලස් තරුණයාගේ නැගණියක්‌ද පැමිණ සිටි අතර ඇය හා මව තිදෙනා වැළඳ ගනිමින් සතුට ප්‍රකාශ කර සිටියාය.
පසුව පොලිසියට තම ස්‌තුතිය ප්‍රකාශ කළ තරුණයා මව සමඟ තමා නවාතැන් ගෙන සිටින හෝටලය බලා පිටත්ව ගිය අතර ඔහු සහ මව ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් සඳහා ද මුහුණදීමට නියමිතව ඇති බවද පොලිසිය සඳහන් කළාය.

ඩී. නයනදුල සෙන්දනායක

Share this
|
|
0 Comment to "‘පියා නිසා තිස්‌තුන් වසක් මව අහිමි වූ තරුණයා‘ සෙනෙහස සොයා ස්වීඩනයේ සිට ලංකාවට ආ ගමන (Photos)"
Post a Comment