24 March, 2017

“අනිත් හැමෝටම වඩා ජීවිතේ ප්‍රමුඛතාව දෙන්නේ එයාට” – නදීෂා හේමමාලි

Nadeesha Hemamali

විවාහයෙන් පස්සේ වැඩිය කරළියට ආවේ නැති නදීෂා හේමමාලි මේ වෙද්දි නිවසේ වැඩකටයුතු එක්ක කාර්ය බහුල චරිතයක් වෙලා කියලා ආරංචියි. ඉතින් එහෙම කාර්යබහුල වූ නදීෂා මවක් වීමේ බලාපොරොත්තු වෙනවා කියන එක කියලා තියෙන්නේ මෙන්න මේ විදියට.

“ජීවිතය සතුටින් ගෙවාගෙන යනවා. වෙනසක් තියෙනවා දැන් ගෙවන මේ ජීවිතයේ. ඉස්සර මම හිටියේ තනියම. දැන් මම ඉන්නේ සැමියත් එක්ක. විවාහයෙන් පස්සේ දැන් මට ගෙදරෙදාර වැඩ ගැන බරපතළ විදිහට හිතන්න වෙලා. අනික දැන් මම මා ගැන විතරක් නෙමේ මහත්තයා ගැන, ඔහුගේ වැඩ කටයුතු ගැන හොයලා බලලා කරන්න ඕන. ඇත්තටම අනික් හැමෝටම වඩා ජීවිතේ මම දැන් ප‍්‍රමුඛතාව දෙන්නේ එයාට.”

“මිනිස්සු එක එක කතා කියාවි. ඒකට මට කමක් නෑ. ඉතිහාසේ හැමදාම වුණේ එහෙමයි. වෙනස් දෙයක් කරපු හැමෝටමත් මිනිස්සු මුලින් ගැරහුවා. මට විතරක් වෙනසක් වෙන්න බෑ. මම මට ඕන ගමන යනව. මොකද මම වැරදි නෑ කියල මම දන්නවා.”

“මම සතුටින් ජීවත්වෙනවා මගේ මහත්තයා එක්ක. අම්මා කෙනෙක් වීම හැම විවාහක ගැහැනියකගේම බලාපොරොත්තුවක්. බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ. මටත් බලාපොරොත්තු නැතුවා නෙමෙයි. ජීවිතේ සිදුවිය යුතු දෙවල් නියම වෙලාවට සිද්ධ වෙයි.”

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“අනිත් හැමෝටම වඩා ජීවිතේ ප්‍රමුඛතාව දෙන්නේ එයාට” – නදීෂා හේමමාලි"

    Post a Comment