ගම්පහ පොලීසිය විසින් 19 පෙරවරු 10 සිට ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක කරන ලද විමසුම් වලදී ගම්පහ නගරයට ටියුෂන් එන බව පවසා නගරයේ වෙනත් ස්ථාන වල නොමනා ලෙස හැසිරෙමින් සිටි බාල වයස්කාර ජෝඩු 24ක් පොලිස් භාරයට ගන්නා ලදී.
මෙයින් බාලවයස්කාර ජෝඩු 15ක් ගම්පහ සිනමා ශාලා තුළ අසභ්‍ය ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් භාරයට ගැනුණු අතර ඉතිරි බාලවයස්කාර ජෝඩු පොලිස් භාරයට ගෙන ඇත්තේ ගම්පහ නගරයේ ගොඩනැගිලි තුළ එලෙස හැසිරෙමින් සිටියදීය.
මේ අතර ගම්පහ නගරයේ ගොඩනැගිල්ලක් තුළ තිබූ බිලියට් ක්‍රීඩාව සිදු කරන ස්ථානයකදීද බාල වයස්කාර දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ පොලිස් භාරයට ගැනුණු ළාබාල පෙම්වතුන් පොලීසියට පවසා ඇත්තේ තම දෙමාපියන්ගේ අවසරය මත මතු විවාහ වීමේ අරමුණින් මෙම ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන යන බවය. එහෙත් පසුව එම දෙමාපියන් පොලීසියට කැඳවා කරන ලද විමසීම් වලදී ඔවුන් පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවය. ඉන් පසුව එම දරුවන්ට හා දෙමාපියන්ට අවවාද කිරීමෙන් පසුව එම දරුවන් දෙමාපියන් වෙත බාරදී තිබේ.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ සහ ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබ්දුල් ගෆාර් මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාශ මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉදුනිල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විමසුම සිදු කරන ලද අතර ගම්පහ පොලිස් කාන්තා කාර්යංශයේ සහය ද ඊට ලැබී තිබුණි.
හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා යොවුන් සිසු සිසුවියන් විශාල පිරිසක් ටියුෂන් අධ්‍යාපනය ලබන ගම්පහ නගරයේ තරුණ තරුණියන් අතර සදාචාර සෝදාපාළුවක් සිදුවීම වැලැක්වීම පිණිස ගනු ලබන

මානුෂික පියවරක් ලෙස මෙම විමසුම සිදු කළ බව ගම්පහ පොලීසියේ ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය. එමෙන්ම මෙබඳු සදාචාර සෝදා පාළුවීම් මුල් කොට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, ළාබාල දැරියන් ගැබ් ගැනීම්, ගබ්සා කිරීම් ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු සිදුවීම් බහුල විය හැකි බවද ඔහු වැඩි දුරටත් කීය.
මීට පෙර පසුගිය පෙබරවාරි 5දාද ගම්පහ නගරයේ මෙලෙස නොමනා ලෙස හැසිරෙමින් සිටි තරුණ ජෝඩු 40ක් පොලිස් භාරයට ගෙන මේ අයුරින්ම මුදා හරින ලදී. එහිදී ප්‍රදේශවාසින් පවසා සිටියේ මතක ඇති කාලයකින් පොලීසිය එබඳු ක්‍රියාවකට යොමු වූ මුල් ම අවස්ථාව එය බවය.
පසුගිය කාලය තුළ ගම්පහ ටියුෂන් සිසු ප්‍රජාව මුල් කොට ශීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවති සදාචාර මට්ටම යළි මෙලෙසින් හෝ ස්ථාපිත වීම යහපත් ප්‍රවණතාවක් බව පෙන්වා දෙන ප්‍රදේශවාසිහු පසුගිය ජනවාරි 18දා සිට ලක්බිම ඔන්ලයින් හි පළකරන 'ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්ගේ උප සංස්කෘතිය' ලිපි පෙළ මෙම සාධනීය පියවර සඳහා බෙහෙවින් උපකාරී වී ඇති බව පැහැදිලිව පෙනෙතැයිද කියා සිටියහ.
-සුසන්ත අබේරත්න_ලක්බිම
සබැඳි -

- ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්
- ගම්පහ ටියුෂන් සිසුසිසුවියන්ට “අනඟ සුව” අවන්හල්
- ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට හවුලේ අනඟ සුව - room share
- ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ room share රහස් මෙන්න
Share this
|
|
0 Comment to "අනඟ රැගුම් පෑ ගම්පහ ටියුෂන් පෙම්වත්තු පොලීසියට"
Post a Comment