17 March, 2017

සෝෂල් මීඩියාවලින් මඩ ගහපු අයගේ ශක්තියෙන් තමයි තරගය ක්‍රීඩා කළේ – චන්දිමාල්

dinesh-chandimal-11

සමාජ මාධ්‍ය හරහා තමන්ට මඩ ගහපු අයගේ ශක්තියෙන් මෙම තරගය ක්‍රීඩා කර ශතකයක් ලබාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ චන්දිමාල් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තර‍ගයේ දෙවන දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඊයේ දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 338ක් ලබා ගත්තේය.

සිය 8වන ටෙස්ට් ශතකය ලබාගත් දිනේෂ් චන්දිමාල් ලකුණු 138ක් ලබා ගත්තේය.

අද තරගයේ 3වන දිනයයි.



_නිව්ස්ෆස්ට්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සෝෂල් මීඩියාවලින් මඩ ගහපු අයගේ ශක්තියෙන් තමයි තරගය ක්‍රීඩා කළේ – චන්දිමාල්"

    Post a Comment