27 January, 2017

සුනඛයන්ව හැමතැනම දමා යන අයට වෙන්න යන දේ

dogs

පොදු ස්ථානවලට සුනඛයින් ගෙනවිත් දමන පුද්ගලයන් CCTV කැමරා භාවිතයෙන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට පොලීසිය උපදෙස් දීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ෆයිසර් මුස්තාෆා මහතාගේ අවධානය යොමුව තිබෙයි.

සත්ත්ව සුබ සාධනය සඳහා
උපදේශන කමිටුවක් පත්කිරිම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්චාවකදී මේ බව අණාවරණය වී තිබේ.

අමාත්‍යාංශය හා පළාත් සභා හා අදාළ අංශ වල නිලධාරීන් ඇතුළත්ව මෙම කමිටුව පත්කිරීමට නියමිතය. දිවයින පුරා පාසල්, රෝහල්, බස් නැවතුම්පොළ හා පොදු වෙළදපොළ ආශ්‍රිතව ගැවසෙන සුනඛයින් හේතුවෙන් පළාත් පාලන ආයතන වලට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සුනඛයන්ව හැමතැනම දමා යන අයට වෙන්න යන දේ"

    Post a Comment