27 January, 2017

ජනප්‍රිය නිළියක් පොඩි කාලේ ඉඳලා දන්නා කෙනෙකුට ආදරේ කරලා කරන්න හදන දේ මෙන්න

thisuri-yuwanika-article-2

"පෙම්වතෙක් නැති කාලේ මට පෙම්වතෙක් නැහැ කියලා මම කිව්වා"

"ඒත් දැන් විවාහ වෙන්න සුදුසු කාලේ"

තරුණ තරුණියන්ගේ රසික හදවත් දිනාගත් තවත් යොවුන් පරපුරේ නිළියක් තමයි තිසුරි කියන්නේ.

ඉතින් ඇය දැන් පෙම්වතියක් වෙලා කියලා අපට ආරංචිවුණා.

තිසුරිට දැන් පෙම්වතෙක් ඉන්න නිසා ඇය විවාහ වෙන්නත් සූදානම් වෙලා.

ඒ ආදර කථාව ගැන සහ තවත් කලා කටයුතු ගැනත් සඳහන් කරලා පුවත්පතකට මෙලෙස අදහස් දක්වලා තිබුණා.

තිසුරිව අල්ල ගන්න හරි අමාරුයිනේ ?

ෂූටිං නිසා ටිකක් වැඩ වැඩියි. ඒකයි අල්ල ගන්න අමාරු. අඳුරු සෙවනැලි සහ තවත් නාට්‍යය කිහිපයක ෂූටිං ඉවර කළා.

ලඳ බොළඳ පෙම්වතියගේ චරිතයට සීමා නොවී විවිධ චරිත නිරූපණය කරන්න තිසුරිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තිසුරිගේ තෝරා ගැනීම් නිසාද ? අධ්‍යක්ෂවරු තිසුරිගේ හැකියාවට තැන දෙන නිසාද ?

ඔය දෙකම නිසා. මම අම්මා නිසා ක්ෂේත්‍රයට ආවා. ඒ හරහා මට අඩිතාලමක් වැටුණා. මම ඒ අඩිතාලම ශක්තිමත් කරන්න වැඩ කළා. අධ්‍යක්ෂවරු මාව බය නැතිව විවිධ චරිතවලට තෝරා ගන්නේ මම ඒ ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන නිසා.

තිසුරිට මුලින්ම වෙනස් වෙන්න ලැබුණේ මොන නිර්මාණයෙන්ද ?

මගේ ටර්නින් පොයින්ට් එක වුණේ ඇහිපිල්ලමක් යට ටෙලි නාට්‍යය. ළමා චරිතවලින් මිදිලා පෙම්වතියගේ චරිතයක් කළේ ඒ නාට්‍යයේ. ඊට පස්සේ මට විවිධ චරිත කරන්න අවස්ථාව ලැබුණා.

අම්මාගේ අඩි පාරේම යන්නද තිසුරි උත්සාහ කරන්නේ ?

මම අනුගමනය කළේ අම්මව. අම්මා ක්ෂේත්‍රයට එද්දී එයාට කාගෙවත් අත්වැලක් තිබුණේ නැහැ. හැබැයි මම ක්ෂේත්‍රයට එද්දී මං වටේ ලොකු පවුරක් තිබුණා. සුසන්තා චන්ද්‍රමාලි කියලා අම්මා හදා ගත්ත නම නැති කර ගන්නේ නැතිව මම වැඩ කළා. ගොඩක් අය කියනවා මම අම්මා වගේම ක්ෂේත්‍රයේ ඉන්නවා කියලා. එහෙම ඇහෙද්දී අම්මට වුණත් සතුටු ඇති.

නිර්මාණ තෝරා ගන්නේ තාමත් අම්මාගෙන් අහලද ?

පොඩි කාලේ නම් අම්මා මට නිර්මාණ තෝරා දුන්නා. දැන් මම ලොකුයිනේ. ඒ නිසා ඒ තෝරා ගැනීම් කරන්න මට භාරදීලා තියෙන්නේ.

ඒ කියන්නේ දැන් තිසුරි තනි තීරණ ගන්නවාද ?

අම්මයි තාත්තයි මට තීරණ ගන්න භාර දීලා තිබ්බට තාම මම චරිතයකට ආරාධනාවක් ලැබුණත් ඒක කරන්නම් නේද කියලා එයාලගෙන් අහනවා. අම්මයි තාත්තයි එක්ක කතා බහ කරලා තමයි තීරණ ගන්නේ. එයාලා එපා කිව්වොත් දෙපාරක් නොහිතා ඒ වැඩේ මම නොකර ඉන්නවා.

දැන් ජීවිතයට සහකරුවෙක් එකතු කර ගන්නත් තීරණය අරගෙනනේ ඉන්නේ ?

ඔව්. මට විවාහ වෙන්න කෙනෙක් දැන් ඉන්නවා. පෙම්වතෙක් නැති කාලේ මට පෙම්වතෙක් නැහැ කියලා මම කිව්වා. ඒත් දැන් විවාහ වෙන්න සුදුසු කාලේ ඇවිත්. ඒ වෙනුවෙන් හොඳ සහකරුවකුත් මට ලැබිලා තියෙනවා.

ජීවිතයට එකතු වෙන්න යන කෙනා කවුද කියලා දැන්වත් කියමුද ?

එයාගෙ පවුල අපේ පවුලට ගොඩක් හිතවත්. එයා ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

ඒ කියන්නේ මේ අවුරුද්දෙදි තිසුරිත් එකලාසයක් වෙයිද ?

මේ අවුරුද්දේ නම් විවාහය ගන්නේ නෑ. ලබන අවුරුද්දෙදී තමයි විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ.

පෙම්වතාගෙන් තිසුරිගේ රංගන කටයුතුවලට බාධාවක් නැද්ද ?

නැහැ. එයා මාව පොඩි කාලේ ඉඳන් දන්නවා. ඒ නිසාම තමයි එයාට මම කැමැති වුණෙත්. අපි අපි ගැන දන්නවනේ. එයාටත් මගේ රංගන කටයුතු ප්‍රශ්නයක් වෙලා නැහැ.

ක්ෂේත්‍රයේ විශේෂ අවස්ථාවලදී තිසුරි දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. දකින්න ලැබෙන අවස්ථාවලත් තිසුරි ඉන්නේ සරල, චාම් පෙනුමකින්. ඇයි ඒ ?

මම හරි අකැමැතියි ප්‍රිය සම්භාෂණවලට යන්න. නොයාම බැරි එකකට තමයි යන්නේ. මම නිදහසට කැමැති කෙනෙක්. තැනකට ගිහින් අපහසුතාවකින් ඉන්න මම කැමැති නැහැ. වෙඩින් එකකට, සම්මාන උළෙලකට ගියත් මම හරිම පහසු ඇඳුමක් ඇඳන් යන්නේ. මට ලොකු විලාසිතා ඕනේ නෑ. මම හිතන්නේ ඒක මට අම්මගෙන් ආපු දෙයක්.

විලාසිතාවලින් කැපී පෙනෙන්න තිසුරිට වුවමනා නැද්ද ?

චාම් බව ඇතුළේ ලස්සනක් තියෙනවා. සමහර අය මම විශේෂ අවස්ථාවලට ඇඳන් යන ඒවා දැකලා අහනවා මොකද්ද අනේ ලස්සනට අඳින්න තිබ්බනේ කියලා. මම මගේ විදියට යන්න කැමැතියි. අනෙක් අය විදියට මම නොගියා කියලා මාව කැපී පෙනීමේ අඩුවක් වෙලත් නැහැ. බලහත්කාරයෙන් කැපී පෙනෙන්න මට වුවමනාත් නෑ.

මොනවද ඉදිරිය ගැන තියෙන බලාපොරොත්තු ?

හොඳ නිර්මාණ කිරීමේ ලෝභකමක් තියෙනවා. නොකරපු විදියෙ නිර්මාණවලට සම්බන්ධ වෙලා කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනප්‍රිය නිළියක් පොඩි කාලේ ඉඳලා දන්නා කෙනෙකුට ආදරේ කරලා කරන්න හදන දේ මෙන්න"

    Post a Comment