21 January, 2017

ඉස්ලාම් ත්‍රස්තවාදය අතුගානවා - ට්‍රම්ප් ජාතිය අමතමින් කළ ප්‍රකාශය මෙන්න

ඇමෙරිකාව අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ශිෂ්ට ලෝකය සමග එක්වෙමින්, ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් අතුගා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා.

ජාතිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියා.

එමෙන්ම, ඇමෙරිකාව අංක එකට ගැනීමේ ප්‍රතිපත්තියේ තමන් සිටින බව ජනතාව ඉදිරියේ පොරොන්දු වූ ට්‍රම්ප් පවසා සිටියේ, තම ශරීරයේ වූ සෑම හුස්ම රැල්ලක්ම ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් සටන් කිරීමට යොදවන බවයි.

තමන් කිසිම විටෙක ඇමෙරිකානු ජනතාව පසුබසින ජාතියක් නොකරන බවද ඔහු අවධාරණය කළා.

වෙළෙඳාම, බදු, සංක්‍රමණික, විදේශ ප්‍රතිපත්ති ආදී ඕනෑම තීරණයකදී ඇමෙරිකානු කම්කරුවන් හා ඇමෙරිකානු පවුල් ආරක්ෂා වන ආකාරයට ඒ සෑම තීරණයක්ම ගන්නා බවද ඔහු අවධාරණය කර සිටිනවා.

ඇමෙරිකාව යළිත් ජයග්‍රාහී මාවතට පිවිස ඇති බවත්, පෙර නොවූවිරූ ජයග්‍රහණ ඇමෙරිකාව ලබනු ඇති බවත් ට්‍රම්ප් සිය කතාවේදී අවධාරණය කර සිටියා.

වචන 1,453කට සීමා වූ ට්‍රම්ප්ගේ කතාව වර්ෂ 1977 දී ජීමී කාටර් ජනාධිපතිවරයාගෙන් පසුව අභිනව ජනාධිපතිවරයෙකු ඉදිරිපත් කළ කෙටිම දේශනය වුවත්, එය වඩාත් ශක්ති සම්පන්න දේශනයක් බව විචාරකයෝ පවසනවා.

donald-trump-04

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉස්ලාම් ත්‍රස්තවාදය අතුගානවා - ට්‍රම්ප් ජාතිය අමතමින් කළ ප්‍රකාශය මෙන්න"

    Post a Comment