21 January, 2017

සුන්දර මංගල රැයක් ගත කරන්න සිහින මැව්ව තරුණියකට නොසිතූ ලෙස මධුසමය උදාවෙලා වෙච්ච දේ

girl-murder-faint

"සීතලත් එක්කම මම එයාගේ තුරුලට ගොඩාක් ළංවුණා"

"ආයේ කවදාවත් මම තනි කරන්නේ නැහැ කියලා මට පොරොන්දුවුණා"

තරුණ තරුණියන්ගේ ජිවිත අකාලයේ විනාශ කර ගන්නේ ඇතැම්විට හැඟීම් වලට වහල් වීමෙනි, නොදැනුවත්කම නිසාවෙනි, මෙවැනි කාරණා නිසා අකාලයේ ලස්සන ජිවිතයක් මිලාන වී ගිය තරුණියෙකුගේ අවාසනාවන්ත කතාවක් මෙලෙස වාර්තා වෙලා තිබුණා.

මහා මෙරක් තරම් බලාපොරොත්තු මට නැහැ, එත් එයා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරාවී කියල මම හීනෙකින්වත් හිතුවේ නැහැ.

මම කොහොමද මගේ අම්මට මුහුණ දෙන්නේ. මගේ නෑදෑයන් මට මොනවා නොකියාවිද ?යන ප්‍රශ්න වැලක් නිසංසලාගේ හද පාරවන්නටවිය.

මේ නිසා ඉමක් නොපෙනෙන මහා සාගරයට ජීවිතය පුජා කරන්නට සිතුවේ සියල්ල අවසන් කිරීමටය.

ඇය සිය තීරණය අනුව මුහුද දෙසට දිව්වේ සියදිවි නසා ගැනීමටය. නමුත් මුහුදු රකුසා නිසංසලා බිලි ගත්තේ නැත.

නිසංසලා පියවි සිහියට ආවේ රෝහලේ ඇඳ මත දීයි. මවගේ දෙනෙත් කඳුලින් තෙත්ව තිබුණේ නිසංසලා තව තවත් දුකට පත් කරවමිනි.

අනේ මගේ රත්තරන් දුවේ ඔයා මේ වගේ දෙයක් කර ගත්තේ ඇයි ? කියමින් මව දියණියගේ හිස අත ගන්නට වුනා. නමුත් නිසංසලා විසන් මව වෙත නැගුවේ තවත් ප්‍රශ්නයකි.

ඒ ඇයගේ රෝහල් ඇඳ අසල සිටගෙන සිටි සුදු ජාතික තරුණයෙකු නිසාය. මව එවිට හඬමින් මෙලෙස පිළිතුරු දුන්නා.

දෙවියෙක් වගේ ඇවිත් ඔයාව බෙර ගත්තේ මේ සුදු මහත්තයා තමයි,අනතුරුව ඔහු නිසංසලාගේ සුව දුක් විමසු අතර ඇය කිවේ ස්තුතියි කියා පමණි.

මේ ආකාරයට තමයි සුදු ජාතිකයෙක් නිසංසලාගේ ජිවිතයට එකතු වෙන්නේ. මම කොයිතරම් අමතක කරන්න උත්සාහ කලත් මට මගේ අතීතය අමතක කරන්න බැහැ මහත්තයෝ යනුවෙන් නිසංසලා සුදු ජාතිකයාට සඳහන් කළා.

ඇය තමන්ගේ ගෙවුණු කටුක අතීතය ගැන මෙලෙස පාපොච්චාරණය කළා.

අපේ පවුලේ හිටියේ මමය් අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි සහ එක මල්ලි කෙනෙකුයි.

අපේ තාත්තා අපිව ජිවත් කරන්න පුදුම වෙහෙසක් ගත්තා, ලොතරැයි ටිකට් විකුණන තාත්තා ඒදේට ගියාම හවසට තමයි ආපහු ගෙදර එන්නේ. ඒ එනකොට අපි කන්න කැමති කෑමත් අරගෙන තාත්තා එන්නේ.

හවස් වෙද්දී මල් කඩලා අපි සේරම එකතු වෙලා බුදුන් වඳිනවා, පාසල් ගිහින් එන මම ගෙදරට වෙලා පාඩම් කළා,කොහෙවත් ගියේ නාහැ. මට ඕන වුනේ රජයේ රස්සාවකට යන්න, මට අම්මලා විඳින දුක බලන් ඉන්න බලන් ඉන්න බැරි වුණා.

අලුත් අවුරුද්ද දවසේ වෙච්ච දේ මට කවදවත් අමතක කරන්න බැහැ. එදා අපේ තාත්තා අපිත් එක්කම සතුටින් හිටියා. එදා හවස තාත්තා අම්මට කියලා ගියේ මන් මේ කිට්ටුවට යනවා කියලා,එත් තාත්තා එදා පණපිටින් ආවේ නැහැ මහත්තයෝ.

එදා ආරංචිවුනා කවුද කෝච්චියට පැනලා ඉස්පිරිතාලේ ගෙනෙහින් කියලා. ඒක අහලා අපේ අම්ම සිහි නැතුව වැටුණා.පොලිසියට ගියාම ඒ අපේ තාත්තා කියලා අඳුර ගන්න පුළුවන් වුණා.

තාත්තා නැතිවුණු දවසේ ඉඳලා අපි ජීවත් වුණේ භාගෙට මැරුණු අය වගේ. මේ අතරේදී තමයි මට චන්දු අයියා හා හමුවෙන්නේ.

ඔයා මගේම කර ගන්නවා, බය වෙන්න එපා මව විශ්වාස කරන්න, එයා අපේ තාත්තාගේ පැත්තෙන් පොඩි නෑද කමකුත් තියෙනවා. එයා අපේ ඉස්කෝලෙට තමයි ගියේ. එයා බයිසිකලේ මවත් එක්කරගෙන සමහර දවස් වලට ගියා.

තාත්තා නැතිවුනාම අපේ අම්ම ටිකට් ලෑල්ල අරන් ටිකටි විකුණන්න ගියා. තාත්තා වගේම කළුවර වෙද්දී තමයි අම්මා ගෙදර ආවේ. ඊට පස්සේ තියෙන දෙයක් කාලා අපි නිදා ගන්නවාහවසට අම්මා එනකම් මම නංගිලා මල්ලිය බලාගෙන ආච්චිලාගේ ගෙදර හිටියා.

චන්දු අයියා අපේ වැඩ කරගෙන හිට්යා. එයාට රස්සාවක් තිබුනේ නැහැ. මේ අය එක එක කතාවන් කියන්න ගත්තා.

ඒ වුනාට එයා ගණන් ගත්තේ නැහැ.හැබයි අම්මා දවසක මට කිව්වා.

අපි ලජ්ජා බයට හදුනා අය කියලා. දෙවියෙක් වගේ හිටප තාත්තාට නරකක් කරන්න එපා කියල කිව්වා.

එක දවසක් ගෙදර කව්රුවත් හිට්යේ නැති දවසක චන්දු අයියා අපේ ගෙදර අවේ කලබලෙන්. එයා මගේ කාමරේට ගියේ එයාට ඔලුවේ කැක්කුමයි කියාගෙන. එයා මගේ ඇඳේ හාන්සිවෙලා කිව්වා එයාගේ ඔලුව අතගාන්න කියලා.

ටික වෙලාවක් යද්දී එයා මගේ උකුලට හාන්සිවුණා.මට ලොකු සනීපයක් දැනෙනවා කියල එදා එයා කිව්වා.

එයා මගේ ඇස දෙක දිහා ආදරෙන් බලාගෙන හිටියා.එයාගේ අස් දෙක මට ගොඩක් දේවල් කිව්වා.

එයා මගේ ඇත අල්ලාගෙන පිරිමදින්න ගත්තා. එත් එක්කම ලොකු වැස්සක් වැටෙන්න ගත්තා.අකුණු ගහලා වහින්න ගත්තා.සීතලත් එක්කම මම එයාගේ තුරුලට ගොඩාක් ලං වුණා.

එදා එයා වැස්ස ඉවර වුණාට පස්සේ කිව්වා. ආයේ කවදාවත් මම තනි කරන්නේ නැහැ කියලා මට පොරොන්දුවුණා.

මගේ ජිවිතේ ලස්සනම දවස ඒ විදියට ගෙවයි කයලා මම කවදාවත් හිතුවේ නැහැ. පොඩි මගුලක් ගන්න පොඩි ආශාවක් තිබුනා.

ඒ සේරම දේවල් මම එයා ඉදිරියේ පුජා කළා.

එහෙම කරපු එයා කාලයත් ගතවෙද්දී එයා මාව මඟ හරින්න පටන් ගත්තා.

එයා ඉඳ හිට අපේ ගෙදර ආවාඑයා කැමැත්තෙන් නෙවි මගෙත් එක්ක කළේ.මේ නිසා මන් කල්පනා කළා මූදේ පැනලා සියදිවි නසා ගන්න. ඒ අතරේදී අම්මා ඇහුව්වා. අයියා එන්නේ නැත්තේ ඇයි කියලා. ඒ කොල්ලන්ගෙන් මොනවහරි දෙයක් වුනාද කියලත් ඇහුවා.

ඒ වෙද්දී අම්මට දැනිලා තිබුනා මට මොනවහරි කරදරයක් වෙලා තියෙනවා කියලා.

එදා මම ටිකට් කපලා ගෙදර ආවාට පස්සේ සුදු ජාතික මහත්තයා අපේ ගෙදර ආවා ගොඩක් තෑගී අරගෙන.ඒ මහත්තයා අම්මට සල්ලි දෙනවා මන් දැක්කා.ඒවා නොගෙන අපි වෙන මොනවා කරන්නද ?

දවසක් ඒ සුදු ජාතික මහත්තයා අපේ ගෙදර තව එක්කෙනෙකුත් එක්ක අපේ ගෙදර අවේ මංගල යෝජනාවක් අරගෙන.

එයා අපේ අම්මට කිව්වා ඔයාගේ දුව විවාහ කර අගන්න මේ මහත්තයා කැමතියි කියලා. අම්මා මගේ මුහුණ දිහා බැලුවා.

මම එක සැරේටම කිවා මම කැමති නැහැ කියලා එදා එයාලා ගහින් දවස් දෙකකට පස්සේ ආවේ. අපෙන් තීරණය මොකද්ද කියලා අහන්න.

එදා රෑ අම්මා මට ගොඩක් දේවල් කිව්වා.මම සල්ලිවලට කෑදර කෙනෙක් නෙවි. ඔයා අකමැති නම් කමක් නෑ මට පුළුවන් ටිකට් විකුනලා කන්න දෙන්න.

එදාට පස්සේ එයා ආවා. අපි එයාව එක්කන් ලොකු හොටෙල් එකකට ගියා. සුදු මහත්තයා මවත් එක්කගෙන් වෙරළ පැත්තට යද්දී අම්මලා හෝටලේ කෑමට ඇතුලට ගියා.එදාට පස්සේ දවසේ එයා රට ගියා.

එයා මගේ ගිණුමට සල්ලි එව්වා. ඒ සල්ලිවලින් ලස්සන ගෙයක් තට්ටු දෙකට හැදුවා, ඒ වුණත් පරණ ගේ කඩලා දැම්මේ නැහැ.

මොකද ඒ මගේ අතීතය. හරියටම අවුරුද්දකට පස්සේ ඒ මහත්තයා අපේ ගෙදර ආවා, එදා අපි හොඳ උත්සවයක් තියලා දානෙකුත් දුන්නා තාත්තා වෙනුවෙන්.ඒ මාසේම ඒ සුදු මහත්තයයි මමයි විවාහ වුණා.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුන්දර මංගල රැයක් ගත කරන්න සිහින මැව්ව තරුණියකට නොසිතූ ලෙස මධුසමය උදාවෙලා වෙච්ච දේ"

    Post a Comment