21 January, 2017

කිංස්ලි පුතාව කරළියට ගේන්න සූදානම්

kingsley-peiris-aeticle2

ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පී කිංස්ලි පීරිස් අලුත් වැඩක් කරන්න යනවා කියලා දැනගන්න ලැබුණා.

ඒ තනියම නෙවෙයි පුතාවත් එකතු කරගෙන. තාත්තයි පුතයි කරන්න හදන මේ අලුත් වැඩේ ගැන දැන ගන්න හදගැස්මේ අපි කිංස්ලි පීරිස්ගේ නිවෙසට ගොඩවැදුණා.
කිංස්ලි පුතා කරළියට ගේන්න යනවා කියලා ආරංචියි?

පුතා ගායනට දක්ෂයි. දැනට බෑන්ඩ් එකක ඉන්නවා. එයාගේ හැකියාව තියෙන නිසා ගායකයෙක් විදියට ඉදිරියට යවන්න හදන්නේ. දැන් මගේ සින්දු තමා කියන්නේ. එයාට අලුත් සින්දු ටිකක් කරන්න ඉන්නේ. ඊට පස්සේ එයා දිගටම සින්දු කියයි.

පුතාගේ විස්තර ටිකක් කියමු?

පුතා කවිඳු මාලිංග පීරිස්. ගිය අගෝස්තුවල A/L කළා. එයා සංගීත අංශයෙන් ඉස්සරහට යන්න කැමැතියි. තවම විභාගයේ ප්‍රතිඵල ආවෙත් නැහැ. විභාගයේ පාස් වුණත් එයාට හිත තියෙන්නේ සංගීත අංශයෙන් ඉස්සරහට යන්න.

පුතා ගායනයට දක්ෂයි කියලා දැන ගත්තේ කොහොමද?

පුංචි කාලේ ඉඳලාම සංගීතය හැදෑරුවා. මාත් එක්ක සින්දු කිව්වා. එයා දක්ෂයි කියලා අපි අඳුන ගත්තේ චූටි කාලේදීමයි. දැන් එයාගේ හැකියාව ගැන අපට විශ්වාසයක් තියෙනවා.

කිංස්ලිගේ ජීවිතේ මේ දවස්වල ගෙවෙන්නේ කොහොමද?

නෝනයි, මමයි, පුතයි විතරනේ දැන් ඉන්නේ. දුව නැති අඩුව නම් අපි හැමෝටම දැනෙනවා. හරියට හොරු අරන් ගියා වගේ. ඉතින් වැඩිපුර සංගීත කටයුතු කරනවා. එතකොට ටිකක් දුක තුනී වෙන නිසා. ගෙදර තනියම ඉද්දි නම් ගොඩක් දුකයි.

නත්තලට මොකද කළේ?

දුව නැති නිසා කිසි දෙයක් කළේ නැහැ. පල්ලි ගියා විතරයි. ඉස්සර නත්තල් සමරන්නේ දුව නිසා. දැන් ඉතින් එයා නැතිව අපට නත්තල් නැහැ.

සංගීත කණ්ඩායමේ වැඩ කටයුතුවලට දායකත්වය වැඩිපුර දෙනවා ඇති?

කට්ටිය වැඩ කරගෙන යනවා. හරිම සහයෝගයෙන් තමා ඉන්නේ. එක පවුලක සහෝදරයෝ ටිකක් වගේ. ගෙදරයි බෑන්ඩ් එකයි තමා මගේ ජීවිතේ.

රසිකයෝ වැඩිපුරම කැමැති කිංස්ලිගේ ගීතවලටද? නැත්නම් කිංස්ලි ගායනා කරන පැරැණි ශිල්පින්ගේ ගීතවලටද?

පරණ සින්දු තමා ගොඩක් අය ඉල්ලන්නේ. ප්‍රසංගවලට ගියාම පරණ සින්දු එක්කම මගේ ගීතත් ගායනා කරනවා.

අලුත් ගීත නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

අලුත් සින්දු ටිකක් කරන්න සැලසුම් කරලා තියෙනවා. පුතාටත් සින්දු කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ඉස්සරහට ඉතින් මමයි පුතයි දෙන්නාම එකම වේදිකාවේ සින්දු කියනවා.

විදේශ ගත වෙනවාද ළගදි?

ඔව්. මේ මාසේ කොරියා යනවා සංගීත ප්‍රසංග කිහිපයකට. දිගටම ලංකාවේ සහ විදේශ රටවල ප්‍රසංග තියෙනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

ලොකු බලාපොරොත්තුවක් නැහැ. ජීවිතේ මේ ගෙවෙන විදියට ගෙවිලා යාවි. පුතාව සංගීත අංශයෙන් ඉදිරියට යවනවා. එච්චර තමා.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කිංස්ලි පුතාව කරළියට ගේන්න සූදානම්"

    Post a Comment