23 January, 2017

ආදායම අඩු වුණොත් චිත්‍රපටයේ ප්‍රගතියට හානි කළ අයට විරුද්ධව නඩු දානවා

sameera-wakwella-zoom

මේ දිනවල තිරගත වෙන චිත්‍රපට අතරේ zoom කියන්නේ තරගයක් දෙන්න ආපු තවත් චිත්‍රපටයක්. හා හා පුරා කියලා කරපු චිත්‍රපටය ගැන වගේම තිරගත වෙන චිත්‍රපට අතරේ zoom තියෙන තැන ගැන කතා කරන්න සමීර වක්වැල්ලත් හදගැස්මට සම්බන්ධ වුණා.

zoom කියලා චිත්‍රපටයක් බිහිවෙන්න මුල් වුණ අදහස ගැන මුලින්ම කියමු?

නිර්මාණයක් මුලින්ම බිහි වෙන්නේ මිනිසුන්ගේ සිතුවිලි ධාරාව ඇතුළේ. මේ චිත්‍රපටයේ story line එක අම්මගේ. horror ෆිල්ම් එකක් කරනවා කියන තැන නෙමෙයි මම හිටියේ. හැබැයි මට ආපු කතාව horror. තිරපිටපත ලියලා චිත්‍රපටයක් විදියට එළියට ගේන කාර්යය මම කළා.

චිත්‍රපටය එළියට එන්නේ ලංකාවේ ප්‍රථම 3D චිත්‍රපටය විදිහට?

චිත්‍රපටයේ පිටපත ලියද්දි මට අවුරුදු විසිහතරයි. ලංකාවේ සිනමාවේ ක්‍රමවේදය අනුව චිත්‍රපටය එළියට එන්න අවුරුදු තුනක් ගත වෙනවා. ඒ කාලය ඇතුළත මම තවත් තාක්ෂණික අත්හදාබැලීම් කළා. ඒ වෙනකොට ලංකාවේ තිබ්බේ 3D හෝල් කිහිපයක් විතරයි. ඒත් කාලයත් එක්ක 3D හෝල් දහහතරක් හැදුණා. දියුණු සිනමාවක් කරා යෑමේ වුවමනාව ඇඟ ඇතුළෙම තියෙනවා. ඒ නිසා චිත්‍රපටය 3D කළා.

මායා චිත්‍රපටයත් එළියට ආවේ ලංකාවේ ප්‍රථම 3ච් චිත්‍රපටය කියාගෙන. එතකොට කවුද ඇත්තටම 3D?

සමාජය නොමඟ යවන එක බරපතළ ප්‍රශ්නයක්. මායා 3D වුණේ නැහැ. හැබැයි 3D කියලා ප්‍රචාරය කළා. අපි හරියටම වැඩේ කරලා පෙන්නුවා.
චිත්‍රපටය 3D වුණාට තිරගත කරන්නෙ 3D හෝල්වල විතරක්ම නෙමෙයිනේ.
ඕනම නිර්මාණකරුවෙක් තමන්ගේ නිෂ්පාදනය ගැන හිතනවා. මම 3ච් චිත්‍රපටයක් කළා. මට ලාභයක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි මම රිස්ක් එකක් ගත්තා. මමත් කොපි තිස්පහක් ගැහුවා. මගේ චිත්‍රපටය 3ච් වුණාට ලංකාවේ සමහර 3ච් හෝල්වල 2ච් චිත්‍රපටත් දුවනවා. 2ච් හෝල්වල මගේ චිත්‍රපටය දුවනවා. 2Dහෝල් එකේ 3ච් බලන්න බැරි වුණත් තාක්ෂණික පහසුකම් තියෙන අනෙක් සිනමාශාලාවලටත් මගේ චිත්‍රපටය මුදාහැරලා තියෙනවා.

3D චිත්‍රපටයක් කළා කියලා අවාසිදායක වුණ අවස්ථා නැද්ද?

මගේ චිත්‍රපටය 3ච් නැති හෝල්වලටත් ලබාදෙන නිසා පාඩුවක් අවාසියක් වෙලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි කොපි තිස්පහ ඉන්දියාවේ ගහලානේ ලංකාවට ගේන්නේ. කලින් සිනමාවට බදු නිදහස් කරලා තිබ්බේ. හැබැයි අපේ කාලේ පටාචාරා චිත්‍රපටයටයි මගේ චිත්‍රපටයටයි ඉන්දියාවේ ඉඳන් කොපි ගහලා ගේද්දි ටැක්ස් එකක් ගැහුවා. කොපි තිස්පහටත් බදු මුදලක් ගැහුවම ඒක සිනමාවට බරපතළ ප්‍රශ්නයක්.

චිත්‍රපට කරන අධ්‍යක්ෂවරු පබ්ලිසිටි වලටත් ගොඩක් මහන්සි වෙනවා. සමීර පබ්ලිසිටිවලට මහන්සි වෙන්නේ අඩුවෙන්ද?

ගොඩක් අය චිත්‍රපට කළාම අතිශයෝක්තියෙන් ප්‍රචාරණ කටයුතු කරනවා. අපි මාරයි කියලා ඔවුන්ම කියා ගන්නවා. හැබැයි අපි, මාරයි කියලා කියා ගන්නේ නැතිව මේ ගමන යන්නේ. ඒ නිසා ගොඩක් අයට චිත්‍රපටයට පබ්ලිසිටි නෑ වගේ පේන්නේ.

අධ්‍යක්ෂවරයා වගේම නළු නිළියොත් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට මහන්සි වෙන්න ඕන. හැබැයි ඔබේ චිත්‍රපටයේ නළු නිළියෝ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට එකතු වෙන්නේ නැත්තේ ඇයි?

රංගන ශිල්පියෙක්ගෙන් සහ ශිල්පිනියකගෙන් බලාපොරොත්තු වෙන රංගනය ඔවුන්ගෙන් ලැබුණා. ශේෂාද්‍රි සහ හේමාල් ඒ චරිත හොඳට කළා. හැබැයි චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට ඔවුන් එන්නේ නැහැ. හේමාල් නම් ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැති ප්‍රශ්නය දරුණුයි. ඔහු ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ නොවෙන්නේ ඇයි කියලා මම හරියට දන්නේ නැහැ.

හේමාල්ට චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා ඔබ ඉල්ලීමක් කළාද?

ඔව්. ඒත් හේමාල් මාව මඟහරිනවා. චිත්‍රපටය වෙනුවෙන් තිබ්බ නඩුවෙදි හේමාල් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා. ඒ නිසා මාව මඟහරිනවද දන්නේ නෑ.

චිත්‍රපටය නිර්මාණයක් විදියට සාර්ථකද?

නිර්මාණයක් කළාම ඒක ගැන කිසිම අධ්‍යක්ෂවරයෙක් සෑහීමකට පත් වෙන්නේ නෑ. චිත්‍රපටය පෝලිමේ තිබ්බ අවුරුදු තුන ඇතුළේ මම කොච්චර දේවල් ඉගෙන ගත්තද? නිර්මාණය ගැන තෘප්තියක් තිබ්බට මෙච්චරයි මට කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ.

මේ දිනවල තිරගත වෙන චිත්‍රපට අතරින් zoom ඉදිරියෙන් ඉන්නවද?

චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වැඩියි. ලධධථ ජනතාව අතරට ගිහින් තියෙන ප්‍රවණතාව ගැන සතුටුයි. හැබැයි මම හිතපු තරමේ ආදායමක් ලබන්න බැරි වුණොත්

චිත්‍රපටයේ ප්‍රගතියට යම් හානියක් කළ චිත්‍රපටයේ කටයුතු පස්සට ඇද්ද අයට විරුද්ධව නඩු කියලා වන්දි ලබාගන්න කටයුතු කරනවා.

අලුත් වැඩ මොනවද?

මේ අවුරුද්දේ තවත් චිත්‍රපටයක් කරනවා. ඒ චිත්‍රපටය සිංහල,ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදායම අඩු වුණොත් චිත්‍රපටයේ ප්‍රගතියට හානි කළ අයට විරුද්ධව නඩු දානවා"

    Post a Comment