25 January, 2017

පියා අතිනි කිළිටි වී අතින් අතට ගිය නිමාලි දෛවයේ සරදමින් කඳුළු සයුරක ගිලුනු හැටි

girl-arrested

අපේ ගෙදරට ඇවිත් එයා Party දාලා යනවා..

මම වගේ ගෑණියෙක් ඒ වගේ කොල්ලෙක්ව බඳින්නේ කොහොමද..?

දකුණු පළාතේ ඈත දුෂ්කර ගම්මානයක උපන් නිමාලි වයස අවුරුදු 11 ක තරම් කුඩා දැරියක්ව සිටියදී මුලින්ම ලිංගික අතවරයකට ලක්වන්නේ සිය පියා අතිනි.

ළාබාල පුංචි දැරිය මෙලෙස දිගින් දිගටම පියා විසින් සිය ලිංගික අවශ්‍යතා සඳහා යොදා ගනිද්දී ඒ බව දැනගත් තවත් අයකු ඇයගේ පහස ලබන්නට උත්සාහයක යෙදිණි.

එහෙත් ... ඔහු රඟපෑවේ ඇයගේ ජීවිතය බේරාගැනීමට පැමිණි දේවදුතයකු ලෙසටය.

ඒ වන විට ඇයට වයස අවුරුදු දහතුනක් පමණ විය.

නිමාලිගේ මව ඒ වන විට විදෙස් ගතව සිටි බැවින් ද පියා ඇය අඹුකමට ගෙන සිටි බැවින් ද ඇය පිළිබඳ සොයා බැලීමට කිසිවකු සිටියේ නැත.

එබැවින්... ඇය කමල් සමඟ යන්නට ගියේ මේ අපායෙන් මිදීමට ඇති එකම මඟ එය බව වැටහුණු නිසාය. එහෙත් ඔහු ඇය කැඳවාගෙන ගොස් සිය ලිංගික අවශ්‍යතා සඳහා උපයෝගී කරගත් අතර ඊට අමතරව ආදායම් මාර්ගයක් බවට ද පත්කර ගත්තේය.

කබලෙන් ලිපට වැටුණ නිමාලි යන්තම් වයස අවුරුදු දාසයක් වෙද්දී කමල්ගේ ග්‍රහණයෙන් මිදී පලා යන්නේ වෙන දෙයක් වේච්චාවේ යන තීරණය මතය.

ඇයට දැන් රකින්නට දෙයක් නැත. කමල් වෙතින් මිදී ඇය පලා යන්නේ කොළඹ ප්‍රදේශයටය. පිටකොටුවේදී හමුවන ත්‍රිරෝද රථ රියදුරකු ඇගේ සහායට ආවේය. ඔහු ඇයට රැකියාවක් සොයා දුන්නේය. ඒ... ගණිකා නිවාසයකය.

එදා විනාශයට පත්වුණු ඇගේ ජිවිතයේ 20 වැනි වසර වන විට ඇය සිපිරි ගෙදර යකඩ කූරු අතර සිරවී සිටින්නේ දෛවයේ සරදමක් ලෙසය.

නිමාලි සිටි ගණිකා නිවාසයේ අයිතිකරු අමාත්‍යංශ උසස් නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි. ඒ නිසා ඔහු වටා ගෝල බාලයන් ද විය. ඔවුන්ගෙන් සමහරෙක් පාතාල කල්ලි සාමාජිකයන්ය.

ඒ අතර සිටි නිහාල් නම් වූ පුද්ගලයා තමා පිළිබඳ දැඩි ඇල්මකින් පසුවන බව නිමාලිට වැටහිණි.

“නිහාල් අයියා හරි හොඳයි. අපි ඉන්න ගෙදරට ඇවිත් පාටි දාලා යනවා. මාව බඳින්න කැමැතියි කියලා එයා මට කිව්වා. ඒත්... මම වගේ ගෑනියෙක් ඒ වගේ කොල්ලෙක්ව බඳින්නේ කොහොමද? ඒ නිසා මම අයියට වචනයක් දුන්නේ නෑ”

ඇය නිවසේ පාලිකාවට කීවාය.

කාලය කෙමෙන් ගෙවී ගියේය. නිවෙසේ පාලිකාවට නිමාලි ඉතාම විශ්වාසවන්තය. ඒ නිසා නිමාලිට නිවෙස බාර දී ගමන් බිමන් යාමට පවා පාලිකාව පුරුදුව සිටියාය.

සිංහල අවුරුදු සමය උදාවිය. නිමාලි සල්ලි ගොඩක් ද අතැතිව සිය මවුපියන් බැලීමට ගමට ගියාය.

“ඒ වෙනකොට රට ගිය අක්කයි, ගාමන්ට් වැඩ කරන අක්කලයි එකතු වෙලා ගේ හොඳට හදලා තිබුණා. මම වහළය ගහන්න සල්ලි දුන්නා. අම්මට හරි සතුටුයි. කැලණිය පැත්තේ ලොකු කම්පැනියක කන්තෝරුවේ හොඳ රස්සාවක් කරනවා කියලා මම ගෙදරට කියලයි තිබුණේ. ඒක ගෙදර අය පිළිඅරගෙන තිබුණා”

නිමාලි කීවාය.

“දුවේ මට ඔයා වැඩ කරන කන්තෝරුව බලන්න ආසයි. මාව එක්කගෙන ගිහින් පෙන්නපං”

මවගේ කතාව හමුවේ මොහොතකට නිමාලිට හුස්ම ගැනීමට ද අපහසු වූවාය.

“මට අම්මට ඇත්ත කියන්න හිතුණා. ඒත්... ආයිත් බෑ කියලා හිතුණා. මම දවස් දෙකකට වැඩිය ගෙදර හිටියේ නෑ. ඉක්මනට කොළඹ ආවා. ඇවිත් නිහාල් අයියට කතා කරලා මගේ ප්‍රශ්නය කිව්වා.”

“ආ... ඔයා කිසි දේකට බය වෙන්න එපා. ඔයා අම්මත් එක්ක අපේ අමාත්‍යංශයට එන්නකෝ. ඔයා වැඩ කරන්නේ එතැන කියලා අපි පෙන්වමු.”

කතා කරගත් පරිදි නිමාලිගේ මව කොළඹට ආවාය. නිමාලි ඇය සමඟ අදාල අමාත්‍යංශය අසලට ගොස් නිහාල්ට දුරකතන ඇමතුමක් දුන්නාය.
“නංගී... ඔහොම ඉන්න මම විනාඩියෙන් එනවා” එසේ කී නිහාල් පෙජරෝ රථයකින් පැමිණ නිමාලිත් මවත් අමාත්‍යංශ ගොඩනැගිල්ලට කැඳවාගෙන ගියේය.

“නිහාල් අයියා අපිව ඇමැතිතුමාගේ කාමරයට පවා එක්ක ගියා. එතැන වැඩ කරන අය මාව අඳුනනවා වගේ හොඳින් කතා කළා. මට හරි පුදුමයි. අපේ අම්මටත් හරිම සතුටුයි”

“අනේ ... මගේ එක දරුවෙක්වත් මේ වගේ ලොකු තැනක ඉන්න එක මට ලොකු සතුටක්. උඹට බුදුන්ගේ සරණයි දුවේ”
මවගේ වදන් හමුවේ නිමාලි හදවතින් හඬා වැටිණි.

මට අම්මට කියන්න හිතුණා. මම මේ බොරුවක් කරන බව. ඒත්....

අම්මගේ හිතේ ඉපදිලා තියෙන සතුට විනාශ කරන්න බැරි නිසා මම නිකම් හිටියා.”

පියාගෙන් සිදු වූ අතවරයත් කමල් කළ දෙයත් මතක් වන වාරයක් පාසා නිමාලි පිරිමින්ට වෛර කරන්නට වුවාය.

ඇය තමා වෙත පැමිණෙන සේවා දායකයන්ටද සැර වැර වන්නට වූ බැවින් ඇයට තිබු ඉල්ලුම අඩුවන්නට විය.

මේ අතරේදි ඇයට තවත් අකරතැබ්බයක් විය. එම නිවසේ සිටි අනුරාධපුරයේ පදිංචි කාරියක වූ ස්වර්ණලතා දිනක් උදේ අතුරුදන්ව ඇතැයි නිවෙසේ හිමිකාරිය නිමාලිට කීවාය.

ඒ පිළිබඳ නිමාලි ඒ තරම් සිතට ගත්තේ නැත. දිනක් ගමනක් යාම සඳහා සුදානම්ව රත්ත්‍රන් බඩු තිබු පෙට්ටිය සොයද්දී එය අතුරුදන්ව ඇති බව දුටු නිමාලිට තරු පෙනුණි. ස්වර්ණලතා පලාගොස් තිබුණේ නිමාලිගේ රන්බඩු ද රැගෙනය.

නිමාලිගේ දෑසට කඳුළක් නැගිණි. “දෙවියනේ මම දහ දුක් විඳලා හරි හම්බ කරගත්ත සල්ලි වලින් ගත්තු රත්තරං බඩු. ඒකත් මට නැති වුණා. මේ ගෑනිට හෙන හතම වදින්න ඕන.”

නිමාලි ශාප කළාය. නිමාලිගේ සැර වැර හමුවේ ඇය වෙත තිබුණ ඉල්ලුම අඩුවෙද්දී නිවැසි පාලිකාව ඇයට අවවාද කළාය. තරමක මුරණ්ඩු ගතිගුණ වලින් යුතු වූ නිමාලි ඒ කීමවල් සිතට ගත්තේ නැත.

මේ නිවෙසේ සිටි තවත් තරුණියක නිවෙසින් බැහැරව වෙනත්රැකියාවක නිරත වුවාය.

ඇයගේ මඟ පෙන්වීම මත නිමාලි කොල්ලුපිටියේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි කැරෝකේ සමාජ ශාලාවක රැකියාවට යන්නේ ඉන් පසුවය. "එතැන රෑ එළිවෙනකම් වැඩ තියෙනවා. සල්ලිත් හොඳට හම්බ වෙනවා.

අපි හැමෝටම කාමර වෙන් කරලා දීලා තිබුණා. අපිත් එකක් හිටපු සමහර ගැනුන්ව හවසට මෙතෙන්නට ඇරලවන්නේ එයාලගේ ස්වාමි පුරුෂයන්. එක අක්කා කෙනෙක් හිටියා. එයා එක රෑකට රුපියල් විසි පන්දාහක් තිස් දාහක් හොයනවා. ඒත් මට එතැන එපා වුණා.

මෙවැනි අයට රැකියා සොයා ගැනීම එතරම් අපහසු කාරණාවක් නොවේ.

එතැන වැඩ වැඩි බැවින් වෙනත් තැනක් සෙවු නිමාලිට රත්මලාන පැත්තේ පිහිටි සුපිරි හෝටලයක රැකියාවක් ලැබිණ. එහි එක් කාමරයක් ද නිමාලිට වෙන් වූ අතර කෑම බීම ද හොඳින් ලැබිණි. එතැනදී ද නිමාලිට සිදුවුයේ ඇය සොයා එන කාමාතුරයන් පිනවීමය.

“එදා ... මම හෝටලයේ ලොබි එකේ වාඩිවෙලා පොතක් බල බලා හිටියා. මම ඇඳගෙන හිටියේ සිහින් උරපටි යෙදු බ්ලවුසයකුයි කෙටි ඩෙනිම් සායකුයි. මහත්තුරු කිහිපදෙනකුත් රිසෙප්ෂන් එක ළඟ හිටියා. ඒ වෙලාවේ ආපු පිරිමි වගයක් ටෙලිෆෝන් කෝල් අරගන්නවා දැක්කා. බලද්දී ඒ පොලීසියේ විශේෂ ඒකකයෙන්. ඒ ගොල්ලෝ අපිව අත්අඩංගුවට ගත්තා”

අත්අඩංගුවට ගත් නිමාලි උසාවියට ඉදිරිපත් කෙරිණි.. ඒත් නිමාලි ගණිකා වෘත්තියේ නියැලුණු බව ඔප්පු කිරීමට පොලීසියට සාක්ෂි තිබුණේ නැත. ඇය අත්අඩංගුවට පත්වුයේ හෝටලයේ පිළිගැනීමේ ස්ථානය අසල පුටුවක වාඩි වී සිටියදීය. එහෙත්.

තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන තරුණියක් වූ නිමාලි සිය නීතිඥ මහතාගේ උපදෙස් මත වරද පිළිගත්තාය.

“මම දැනගෙන හිටිය විදියට මේ වරදට පළමු වතාවට දඩය රුපියල් 500යි. පෙර වැරදි ඇත්නම් රුපියල් දාහයි. ඒ නිසා මම නීතිඥ මහත්තයා කියපු නිසා වරද බාරගත්තා. ඒත් නඩුකාරතුමා මට කීයක දඩයක් ද නියම කළේ කියලා දන්නවද? රුපියල් හැත්තෑපන්දාහක්”

“මම ඒ වෙලාවේ කිව්වා මම මෙච්චර කාලෙකට එච්චර මුදලක් හම්බ කරලා නෑ කියලා. නමුත් මට රුපියල් 75,000 දඩය ගෙවන්න බැරි නම් හය මසක සිර දඬුවමක් නියම කරන බව නඩුකාරතුමා කිව්වා. මට රුපියල් 75,000ක දඩයක් ගෙවන්නේ කව්ද? ඒ නිසා මට හිරේට එන්න වුණා”

අපිට ගමේ ලොකු ඉඩමක් තිබුණා. මම අම්මට කිව්වා ඒක උගස් තියලා දඩේ ගෙවලා මාව බේරගන්න මම මාස දෙක තුනකින් උගස බේරා ගන්නම් කියලා. ඒත්.... ගෙදර අය ඒක ගණනකට ගත්තේ නෑ. එයාලට ඉඩම නැතිවෙයි කියලා හිතන්න ඇති.

මට පුළුවන් දවස් වල මං ගැන හොයපු බලපු අපේ ගෙදර අය මාව බේරගන්න කිසිම උත්සාහයක් ගත්තේ නෑ.

මම හිරෙන් නිදහස් වුණාම ආයිත් සැරයක් ගමේ යනවා. ගිහින් එයාලා මට කළ නොසැලකිල්ල ගැන පහදලා දීලා කොළඹ එනවා. ආයිත් ගෙදර යන්නේ නෑ.

දිග සුසුමක් හෙලු නිමාලි ඉමක් නොපෙනෙන ඈත අනන්තය දෙස බලමින් එසේ කීවාය. සැබැවින්ම නිමාලි අවිහිංසක යුවතියකි.

ඇය මෙවැනි පවුකාර ජිවිතයකට වැටුණේ ඇගේ වරදින් නොවන බව පැහැදිලිය. එහෙත් නීතිය ඇත්තේ වැරැදි කළ වුන්ට දඬුවම් කිරීමටය.

නිමාලි අද සිපිරි ගෙදරට වී දුකින් කල් ගෙවයි. ඇගේ බලාපොරොත්තුව මින් නිදහස් වී ගොස් යහපත් ජීවිතයක් ගතකිරීමටයි. ඒ සඳහා සමාජයෙන් ඇයට ඉඩ ලැබේවිද යන ප්‍රශ්නය අප ඉදිරියේ ඇත.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියා අතිනි කිළිටි වී අතින් අතට ගිය නිමාලි දෛවයේ සරදමින් කඳුළු සයුරක ගිලුනු හැටි"

    Post a Comment