18 January, 2017

ෆේස්බුක් ආයතනයේ රස්සාවක් කරන්න කැමතිද.? එහෙනම් මෙන්න විස්තර

අති විශේෂ ව්‍යාපෘති 2ක් වෙනුවෙන් ෆේස් බුක් ආයතනයට සේවකයින් බදවා ගැනීමට අදාළව එම සමාගම නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.

එහි දැක්වෙන්නේ බී සී අයි ඉන්ජිනියර් ව්‍යාපෘතිය වෙනුවන් මෙම අයදුම්පත් කැඳවන බවයි.

වසර 2 ක කාලයක් සදහා මෙහිදී සේවකයින් බදවා ගැනෙන අතර අවශ්‍ය වුවහොත් කාලය තවත් දීර්ඝ කරන බවද එහි සඳහන්.

ලෝකය වඩාත් සමීප කිරීම සදහා නව දෘඩාංගයක් නිර්මාණය කිරීම මෙහි අපේක්ෂාව බවද ෆේස් බුක් නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබද අදහස් දක්වන විචාරකයින් පවසන්නේ බී සී අයි ව්‍යාපෘතියේ අපේක්ෂාව මිනිස් මනස කියවිය හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම බවයි.

ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් ද කලකට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් පල කර තිබුණා.

ලොව පුරා බිලියන ගණනක ජනතාවගේ ගැටලු හා අවධානම් හදුනා ගැනීම මෙහි අපේක්ෂාවක් බව සකර්බර්ග් අනාවරණ කර තිබුණේ.

facebook-03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆේස්බුක් ආයතනයේ රස්සාවක් කරන්න කැමතිද.? එහෙනම් මෙන්න විස්තර"

    Post a Comment