18 January, 2017

FB ෆෑන්ස්ලා මිලියනයයි - දවසකට කන්න රු 269,640 යි - අපූරු ඌරු පැටියෙක්

එස්තර් කියන්නේ ඌරේ පැටියෙක්.

පැටියෙක් කිව්වට මෙයා එසේ මෙසේ ඌරු පැටියෙක් නෙමෙයි සද්දන්තයෙක්.

මෙයාගේ බර රාත්තල් 670 ක්.

වැඩිය ලොකු නොවන ඌරන් වර්ගයකට අයත් මෙයා හුරතලෙක් විදිහට හදන්න පටන් ගන්නකොට නම් මෙයා මේ වගේ විශාල වෙයි කියල කවුරුවත් හිතුවේ නෑ.

මොකද සාමාන්‍යයෙන් නම් මේ වර්ගයේ ඌරන්ගේ බර උපරිම රාත්තල් 70 ක් විතරයි.

මෙයා මෙහෙම විශාල වීම ගෙදර අයට වගේම දකින අයටත් ලොකු ප්‍රශ්නයක් වුණා.

හැබැයි මේ නිසාම මෙයාට ෆේස්බුක් පිටුවක් හදන්නත් මෙයාගේ ගෙදර අය කටයුතු කළා.

මේ වෙද්දී මිලියනයක් විතර පිරිසක් මෙයාගේ පින්තුර බලන්න දවස ගානේ එකතු වෙනවා.

දවසට ඇමරිකානු ඩොලර් 1,800 ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 269,640 ක් විතර මෙයාට කන්න දෙන්න වියදම් වෙනවා කියලයි ගෙදර අය මෙයාට කියන්නේ.

මේ වෙනුවෙන් ෆේස් බුක් හරහා හුඟක් දෙනා දායක වෙනවා.












Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "FB ෆෑන්ස්ලා මිලියනයයි - දවසකට කන්න රු 269,640 යි - අපූරු ඌරු පැටියෙක්"

    Post a Comment