12 January, 2017

ප්‍රවේශම්වන්න - කැළණිය මහමග කොල්ල කල්ලියක් - පොලිසියෙන් පණිවුඩයක්

robbers-on-street

කැලණිය ප්‍රදේශයේ ආයුධ සන්නද්ධ කොල්ලකෑම් සිදුකරන කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර මෙම කොල්ලකරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිස් මුලස්ථානය ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙයි.

පුද්ගලයින්
දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මුහුණු ආවරණය කරන ලද හිස්වැසුම් සහිතව කළු පැහැති යතුරුපැදිවලින් පැමිණ කොල්ලකෑම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

වත්තල, කිරිබත්ගොඩ, වැලිසර, ජා ඇල යන පොලිස්වසම්වල මොවුන් විසින් කොල්ලකෑම් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මාර්ගයේ ගමන් ගන්නා මගීන් සතු දේපළ මෙන්ම ඉන්දන පිරවුම්හල් සහ මූල්‍ය ආයතන දෙකක් ද ඔවුන් විසින් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

_ඒශියන්මිරර්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ප්‍රවේශම්වන්න - කැළණිය මහමග කොල්ල කල්ලියක් - පොලිසියෙන් පණිවුඩයක්"

    Post a Comment