11 January, 2017

ලෝකයේ හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදනය ‘වතුර’ – ප්‍රියංකා චොප්රා

priyanka-chopra

හින්දි සිනමාවේ නොනිමෙන තරුවක් වන ප්‍රියංකා චොප්රා සමග ඉන්දීය සඟරාවක් සිදුකර තිබුණු සම්මුඛ සාකච්ඡාවක සිංහල අනුවාදය මෙලෙස පෙළගැහෙනවා.

ඔබේ හොඳම විලාසිතාව මොකක්ද?

ආත්ම විශ්වාසය

සම දීප්තිමත් කර ගැනීමට ඔබ අනුගමනය කරන සත්කාර ගැන කිව්වොත්?

සම ඉතාම හොඳින් පිරිසිදු කරනවා, ටෝනර් කරලා, තෙතමනය පවත්වා ගැනීම වෙනුවෙන් හොඳ මොයිස්චර් ආ‍ලේපනයක් ගානවා

කොණ්ඩය ලස්සන කර ගැනීමට?

පළමුව හිස නිතර ඉතාම පිරිසිදුව තබා ගැනීම වැදගත්. ඊළඟට ‍පොල්තෙල් ගල්වා හිස සම්බාහනය කර ගැනීම වැදගත් වෙනවා. මීට අමතරව වේලාවක් ලැබෙන විට මම බිත්තර සහ යෝගට් කලවම් කරලා එය හිසේ අ‍ලේප කරනවා.

ඔබේ අත් බෑගයේ නිතරම තියෙන රූපලාවණ්‍ය ආ‍ලේපන වර්ග මොනවාද?

තොල්වල ආ‍ලේප කරන ලිප් බාම් එකක්, සුවඳ විලවුන් බෝතලයක්, සමේ තෙතමනය රකින ක්‍රීම් එකක්.

ලෝකයේ හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදනය මොකක්ද කියලා මම ඇහුවොත්?

වතුර වතුර තමයි මගේ සම, කොණ්ඩය සහ සිරුර සුන්දරව තියාගන්න උදව් කරන්නේ.

මේකප් කරද්දී ඔබ අනුගමනය කරන විශේෂ උපක්‍රමයක් තියෙනවද?

ඇහි බැම, මුහුණේ ප්‍රධානතම අංගයක්. මේකප් එකට පෙර මම ඇහිබැම නිවැරදිව හදාගන්නවා. ඇහිබැම මගින් පෙනුම විරූපී වගේම සුරූපී කරන්නත් පුළුවන්.

ලස්සන ඇඳුම් විලාසිතා ඔබ කොපි කරන නිළියක් ඉන්නවද?

කිසිම නිළියකගෙන් මම විලාසිතා කොපි කරන්නේ නැහැ. මම තෝරා ගන්නේ මට පහසු ඇඳුම් විතරයි.

කවදා හෝ ඔබට ලැබි ඇති හොඳම විලාසිතා උපදෙස මොකක්ද?

ඇඟට සුවදායක නොවන මොනම ඇඳුමක්වත් අඳින්න එපා කියන එක.

ඇඟට වඩාත්ම සුවදායක විලාසිතාව හැටියට ඔබ තෝරන්නේ මොකක්ද?

සාරිය

මිලදී ගැනීම ගැන පසුතැවීමක් දැනෙන ඇඳුම් ඔබට තියෙනවද?

අ‍පොයි ඔව්. මතක් කරන්නත් අකැමැති තරම් ගොඩක් තියෙනවා.

ඔබ ඔබේ මවගෙන් ඉගෙනගෙන ඇති රූපලාවණ්‍ය උපදෙසක් කියන්න?

ආඩම්බරකම තමයි ලස්සනම ආභරණය කියන එක.

ඔබේ අනන්‍යතාව දනවන සුවඳ මොකක්ද?

මම ඒක දන්නවා. ඔබ ඒක හොයාගන්න.

ඔබ තනිව මේකප් දමා ගැනීමෙන් තෘප්තිමත් වෙනවද?

නැහැ… රඟපෑමේදී සහ උත්සවවලදී මට නිතරම මේකප් දාන්නෙ වෙනත් අය. මේකප් නැතිව ඉන්න පුළුවන් හැම අවස්ථාවේම මම එහෙම ඉන්නවා. අවශ්‍ය වුණොත් විතරක් මම ලිප්ස්ටික් ටිකක් ගා ගන්නවා. තනිව කරගන්නෙ ඒ දෙය විතරයි.

තොල් ලස්සන රතු ලිප්ස්ටික් ගෑ විටද, නොගෑ විටද?

ඒක තීරණය වෙන්නේ ඔබේ ඇස්වල පාට, හැඩය අනුවයි.

සාරියටද, ගවුමටද කැමැති?

ඒක ඒ ඒ වෙලාවෙ ඉන්න මූඩ් එක මත තීරණය වෙන්නේ

කලිසමද සායද?

කලිසම, හැම විටම අංක එක කලිසම

වැඩ නැති වෙලාවට කාලය ගෙවන්නේ කොහොමද?

කාලා නිදාගෙන, ඇහැරලා ටීවී බලනවා. ඒ වගේම ගණිත ගැටලු විසඳන්න උත්සාහ කරනවා.
_රිවිර-සඳමාලි වර්ණසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකයේ හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදනය ‘වතුර’ – ප්‍රියංකා චොප්රා"

    Post a Comment