10 January, 2017

පාසල් යද්දීම සිය දියණියට අඹුසැමියන් ලෙස සිටීමේ පාඩම ඉගැන්වූ පියා නිසා වල්මත්වුණු සිසුවිය

couple-hug

"අනේ අම්මේ මට තව ටික කාලයක් ඉගෙන ගන්න ඕන"

"මේ දේවල් සේරම දුවටනේ, ඒ ළමය එන දවසට සුදානම් වෙන්න"

කල වයස හරි ගියාම මව්පියන් විසින් හොඳ සහකරුවෙකු හෝ සහකාරියක් සොයා දීම සාමාන්‍ය දෙයක්.

නමුත් පාසල් වයසේදීම මව්පියන් විසින් තම දියණියට සහකරුවෙක් සොයා දුන්නොත් එක ටිකක් වෙනස් දෙයක්.

ඉතින් අන්න ඒ වගේ පාසල් වයසේදීම පියා විසින් පෙම්වතෙකු සොයා දීම නිසා වලමත්ව ගිය හැඟීම් වලට ගොසුරු අහිංසකාවියක් පිළිබඳව පුවතක් දැනගන්න ලැබුණා.

පියෙකු විසින් දියණියගේ හිතුවක්කාර හැඟීම් වලට බලෙන් කතාකර වරදට නොදැනුවත්ම පෙළඹවීම නිසා වූ සංවේදී පුවත සතිඅන්ත පුවත්පතක සඳහන් කරලා තිබුණා.

නෙත්මි තම මව්පියන්ට සිටි එකම දියණිය විය. ඇය මවගේ රැකවරණය යටතේ හැදුණේ පුංචි ගසක් ලොකුවෙනවා මෙන්ය.

නෙත්මි ඉගෙනීමට ගොඩක් දක්ෂ වුණා. ඒ වගේම ඇයට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්වෙලා තිබුණා.

නිවසින් අවසර දුන් යෙහෙළියන් කිහිපදෙනෙක් විතරයි නෙත්මිට ආශ්‍රය කරන්න ලැබුනේ. නෙත්මිගේ පියා තද නීතියට අනුව වැඩකළ දරදඬු පාලනයක් ගෙන ගිය පවුල් පාලකයෙක්.

කාලයත් ගතවෙද්දී නෙත්මි කාගේත් සිත් ගන්නා සුළු ලස්සනම ලස්සන රුවැති යුවතියක් බවට පත්වුණා. මේ කාළේ වෙද්දී නෙත්මිට ආදර හැඟුම් සිතට ගලා ආවා නොවෙයි.

මේ අතරෙදි තමයි නෙත්මිගෙ පියා විසින් මවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ.ඒ නෙතිමිගේ විව්වාහ ජීවිතය සබන්ධවයි.

පියා විසින් මවට කිව්වේ "අපිට ඉන්නේ මේ දුව විතරයි. අපේ මේ හැම දෙපොලක්ම එයාට. ඉතින් එයාට ලස්සනට ඉන්න පුළුවන්. ඒ නිසා අපි දුවට මනමාලයෙක් බලමු,මම හොඳ තැනකින් ළමයෙක් බැලුව,එයා හොඳ ව්‍යාපාරයක් තියෙන කෙනෙක් කියලා තමයි කිව්වේ." යනුවෙන්ය.

මවද පියාගේ කතාව අනුමත කළ නිසා අදාළ මනමාලයාට නෙත්මිගෙ ගෙදර එන්න දින නියමවුණා. මේ ගැන නෙත්මිට මව කිව්ව වෙලාවේදී නෙත්මිට අස් අදහාගන්න බැරිවුණා. "අනේ අම්මේ මට තව ටික කාලයක් ඉගෙන ගන්න ඕන.

මේක තාත්තගේ අවසාන තීරණය.මේ දේවල් සේරම දුවටනේ, ඒ ළමය එන දවසට සුදානම් වෙන්න."කියලා නෙත්මිගෙ මව කිව්වා.මේ ගැන නෙත්මිගෙ යෙහෙළියන් නම් ගොඩක් සතුටුවුණා.

මොකද ආල හැඟුම් මෝරන කාලේ ඒ වගේ දෙයක් ළඟටම ගෙනත් දුන්නම ඇතිවෙන හැඟීම ඕනෑවටත් වඩා මේ යෙහෙළියන් අතරෙත් ඇතිවුණා.

සිය අනාගත සිහින කුමාරයා නෙත්මි සොයා ආවා.එදා ලස්සන ලස්සන රෝස පාට සාරියක් ඇඳගත්ත නෙත්මි පුංචි සුරංගනාවියක් වගේ හිටියා.ඉතින් එදා නෙත්මි බලනා ආව තරුණයාට වැඩි වයසක් නෑ.අවුරුදු 22ක්.

ඉතින් එදා නෙත්මි දැක්ක ගමන් එක සැරේම හිත ගියා කපිලගේ. එදා කපිල නෙත්මිට කැමතිවෙලා තිබුණා. මේ දෙන්නාගේ ආදරය මව්පියන්ගේ ආදරය සෙවණේ ගොඩනැගුණා.

නමුත් මේ දෙන්නගේ හැඟීම් මතුවෙන වේලාවන් මව්පියන් දැනගෙන හිට්යේ නෑ. නෙත්මිත් කාලය ගත වෙද්දී කපිලගේ ආදරේට වහ වැටුණා.

තවම අවුරුදු 18ක් වත් පිරුණේ නැති නෙත්මිට මනාලයෙකු සොයා දීම ගැන නෙත්මිගේ මව්පියන්ට පාසලේ ගුරුවරුන්ගෙන්, ඥාතීන්ගෙන් එල්ල වුනේ දැඩි අප්‍රසාදයක්.

කාලය ගෙවෙද්දී නෙත්මිගෙ අධ්‍යාපනය එන්න එන්නම් කඩා වැටෙන්න වුණා. ඇය පාසල් ගමන නතර කර ගෙදර නැවතුණා. මේ නිසා පියාට පාසලේ ගුරුවරුන්ගෙන් සහ ඥාතීන්ගෙන් එල්ලවූ චෝදනා නිසා දියණිය නැවත පාසල් යවන්නට තීරණය කළා.

පියාගේ මේ තීරණය නිසා නෙත්මිට කපිල අමතක කර දමන ලෙස පියා පැවසුවා.

නමුත් නෙත්මිගෙ සිත කපිල කෙරෙහි ආදරෙයන් බැඳිලා ඉවරයි. ඉතින් සතුටු සිතින් ආදරේ හැඟීම් වලට ඉඩ දුන්නු නෙත්මිට කපිල අමතක කරන්න බැරිවුණා.

පියා විසින් කපිලට නෙත්මිගේ නිවාස තහනම් කලාපයක්වුනා. නමුත් නෙත්මි ආදරය හමුවේ හිතවක්කාර වෙලා ඉවරයි. පියාගේ දඬුවම් මැද නෙත්මි කපිලට ආදරේ කළා.

මවගේ අවවාද පවා කිසිම ගාණකට ගත්තේ නැත.මව්පියන්ගෙන් සිදුවන් දැඩි පාලන ක්‍රියා කලාපයන් නිසා නෙත්මි හුදෙකළාවුණා. මේ නිසා නෙත්මි කපිලගේ බිරිඳ වීමට තීරණය කළා.

මේ දෙන්නා විවාහ වූයේ නාමිකව පමණි, නෙත්මිට විවාහ වන්නට නියමිත වයසකද සම්පූර්ණ වූයේ නැති වෙලාවකයි නෙත්මි කපිලගේ සෙවණට එන්නේ.

නමුත් නෙත්මිගේ හැඟීම් ඒ වෙද්දී කපිලගේ හැඟීම් දුර ගොස් තිබුණා. නීතියට අනුව කපිල විවාහකරගත් නෙත්මිට නිසි වයස සම්පූර්ණ නොවුණ නිසා අඹු සැමියන් ලෙඅ හැසිරුණු කපිල නීතියෙන් වැරදිකරුවෙක් වුණා.

ඒ වගේම නෙත්මි සිය මව්පියන් විසින් භාර ගත්තේ නැති නිසා ළමා නිවසක රැඳවුම් භාරයේ ජීවත් වන්නට සිදුවුණා.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාසල් යද්දීම සිය දියණියට අඹුසැමියන් ලෙස සිටීමේ පාඩම ඉගැන්වූ පියා නිසා වල්මත්වුණු සිසුවිය"

    Post a Comment