27 December, 2016

දකුණු අප්‍රිකානු සංචාරයට පුද්ගලික අභිමතයන් පරිදි ක්‍රීඩකයන් තෝරලා – තේරීම් කමිටු නිලධාරීන් දැඩි කළකිරීමෙන් – ක්‍රිකට් ආයතනයේ ලොකු පෙරැළියක් සිදුවන ලකුණු

sri-lanka-cricket-anjalo

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගෙන් ක්‍රිකට් තේරීම් කටයුතු සඳහා සිදුකෙරෙනු ඇතැයි කියන අනවශ්‍ය බලපෑම් හේතුවෙන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සැරසෙන බවට වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වන පරිදි මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය සඳහා තම පුද්ගලික අභිමතයන් පරිදි ක්‍රීඩකයන් ඇතුළත් කරන මෙන් ඇතැම් විධායක සභිකයන් ජාතික තේරීම් කමිටුව වෙත අනිසි බලපෑම් එල්ල කරමින් සිටින බවත්, එවැනි බලපෑම් නිසාම ජාතික තේරීම් කමිටු සාමාජිකයන් ඉල්ලා අස්වීම දක්වා වූ මානසික තත්ත්වයකට ඔවුන් තල්ලු වී ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් සංචාර සඳහා තේරීම් කමිටු සාමාජිකයන් එක් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණයත් සමඟින් තේරීම් කමිටු නිලධාරීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයට මෙන්ම නිමා වූ සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන්ද තේරීම් කමිටු සාමාජිකයන් නොයැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබීමද මෙවැනි ඉල්ලා අස්වීමේ තීරණයක් ගැනීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද පැවැසේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දකුණු අප්‍රිකානු සංචාරයට පුද්ගලික අභිමතයන් පරිදි ක්‍රීඩකයන් තෝරලා – තේරීම් කමිටු නිලධාරීන් දැඩි කළකිරීමෙන් – ක්‍රිකට් ආයතනයේ ලොකු පෙරැළියක් සිදුවන ලකුණු"

    Post a Comment