24 December, 2016

මහේල ඉතිහාසයේම නොකළ දෙයක් නවසීලන්ත පිටියේදී කළ හැටි

mahela-jayawardene-small

නවසීලන්තයේ පැවැත්වෙන සුපර් ස්මෑෂ් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පළමු වරට පන්දුවාර විස්සයි විස්ස තරගයකදී පන්දු යවා තිඛෙනවා.

ඒ, නොදර්න් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයකදීයි.

සෙන්ට්‍රල් කණ්ඩායම නියෝජනය කරන මහේල ජයවර්ධන එම තරගයේදී එක් පන්දුවාරයක් පමණක් යවා ඇත්තේ ලකුණු 15කටයි.

මහේල මෙහිදී පිත්තෙන්ද දස්කම් දක්වමින් පන්දු 36කදී ලකුණු 64ක් වාර්තා කළා.

කෙසේ වෙතත් මෙම තරගයේදී මහේල නියෝජනය කළ කණ්ඩායම ලකුණු 10කින් පරාජයට පත්වුණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහේල ඉතිහාසයේම නොකළ දෙයක් නවසීලන්ත පිටියේදී කළ හැටි"

    Post a Comment