24 December, 2016

අධිකරණ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් ‘රවිරාජ් ඝාතනයේ තීන්දුව’ පාන්දර 12.35ට දුන්න හැටි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය.

මෙම අවස්ථාව ලංකාවේ නීති ඉතිහාසයේ වාර්තාවක් වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

ජූරි සභාවක් ඉදිරියේ විභාගවූ නඩුවක් එක් දිනක් තුළ දීර්ඝතම කාලයක් විභාග කළ අවස්ථාව ලෙස මෙය ඇතැමුන් හඳුන්වන අතර මීට පෙර බදුල්ලේදී රාත්‍රී 11.30වන තුරු එවැනි නඩුවක් විභාගයට ගෙන තිබෙනවා.

ඊයේ (23) උදෑසන 10.00ට නඩුව විභාගයට ගත් අතර පැමිණිල්ලේ සහ විත්තියේ දේශණ සහ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලකගේ දේශනය ද පැවැත්වුණේ මෙම දිනය තුළදීයි.

මෙහිදී විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙසට ඒකමතිකව නිගමනයකඑළඹි බව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවේ සභාපතිවරයා මහාධිකරණයේදී ප්‍රකාශ කළා.

මෙම නඩුව අධිකරණ නිවාඩු කාලසීමාව ද නොතකමින් අඛණ්ඩව විභාගයට ගැනීමද විශේෂත්වයක්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 වසරේ නොවැම්බර් මස 10වෙනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී ඝාතනය කෙරුණා.

nadarajah-raviraj-03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අධිකරණ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් ‘රවිරාජ් ඝාතනයේ තීන්දුව’ පාන්දර 12.35ට දුන්න හැටි"

    Post a Comment