18 December, 2016

ක්ලබ් එකේදී බිව්වට පස්සේ මට සිහිය නැහැ - මම ඕන තරම් රේප් වෙන්නත් ඇති

ජීවිතය ගැන ගොඩක් දෙනෙක් එක එක විදියේ අර්ථකතන කියලා ඇති. ඒ වුණත් ජීවිතේ කියන්නේ මෙන්න මේක කියලා හරියටම කියන්නත් බැහැ.

දුක සැප දෙකම ජීවිතයට එන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඉපදෙනකොටම දුක් කරදර සහිත අපායක ඉපදෙනවා කියන්නේ ඒ වෙද්දීත් ඇතැම්විට ජිවිතේ ගොඩක් දේවල් තීරණය වෙලා ඉවරයි.

ඉතින් අන්න ඒ වගේ දුක් කම්කටොළු ගංගාවක තනිවෙලා ගසාගෙන ගිය අපේ කාලයේ තරුණියක් පිළිබඳව පුවත්පතක සඳහන් කරලා තිබුණා.

ඇයගේ ගම බලන්ගොඩ ප්‍රදේශයේ.ඇය ඉපදුණු වෙලාවේම තමන් දුක කියන දේ හින්දට දැනගත්තා වගේ කියලා තිබුණේ " මම ඉපදෙද්දීම මහා කරුම ගොඩක් ඔඋලුවේ තියාගෙන ඉපදුණේ." ලෙසයි.

මේ තරුණියගේ මව කසාද බැඳලා තියෙන්නේ අවුරුදු 17 දී. ඒ කාලේ වෙද්දී ඇයගේ පියාට අවුරුදු 20ක් වෙලා තියෙනවා. මේ දෙන්නා හිතුමනාපෙට කසාද බැන්ද නිසා ජීවත්වෙන්න ක්‍රමයක්වත් තිබිලා නැහැ.ඇයගේ දුක්බර දිවියේ ආරම්භය ගැන කියලා තිබුණේ මේ විදියට.

"තාත්තා ගැරිජ් එකක වැඩ කරද්දී තමයි අම්මව හමුවෙලා තියෙනේ. තාත්තට හරි හමන් රස්සාවක් තිබුණේ නැහැ. එක එක රස්සාවල් තමයි කළේ.

ඒ වුණත් කවදාවත් අම්මව බඩගින්නේ නම් තියලා නැහැ. තාත්තා හොරෙන් ගස් කපලා විකුණන්න පටන් අරන් තියෙනවා. ඒ තවත් මනුස්සයෙකුත් එක්ක.

ඒ වුණත් කාලයක් ගතවෙද්දී කවුරුහරි කෙනෙක් පොලිසියට ඔත්තුවක් දීලා තාත්තව අල්ලාගෙන ගියා. ඒ වැරැද්දට හසුවුණේ තාත්තා. අනෙක් අය පැනගෙන. තාත්තා මාස හයක් විතර හිර ගෙදර ඉඳලා."

තාත්තා බේරාගන්න අම්මා නොකරපු දෙයක් නැති තරම්. ඒ වුණත් තාත්තව බේරාගන්න පුළුවන්කමක් අම්මට තිබුණේ නැහැ.

මේ තරුණියගේ පියා කාලයක් ගතවෙද්දී හිරෙන් නිදස්වෙලා ඇවිත් තිබුණා. එත් ඉතින් පරණ විදියට තමයි ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ. මේ තරුණිය ඉපදෙනකොට ඇයගේ මවට අවුරුදු 20ක් වෙලා.

ඇයගේ මව තමයි ගමේ ඉඳලා තියෙන ලස්සනම ගැහැණු කෙනා. ඒ නිසා වෙනත් පිරිමින්ගේ බැල්ම මවට වැටිලා තිබුණා. නමුත් මේ තරුණියගේ මව හරියට ජීවත්වෙලා තිබුණා.

ඒ වෙන පිරිමි කෙනෙක් ළඟට යන්නේ නැතුව. ඒ තරුණියගේ තාත්තත් ඒ වගේමයි.වෙනත් කාන්තාවන් ගැන ආශාවක් තිබිලා නැහැ.

"තාත්තා අම්මට පණ වගේ ආදරේ කරලා තිබුණා. ඒ වුණත් තාත්තා සල්ලි හොයපු ක්‍රම වලට නම් අම්මයි තාත්තයි අතරේ ගැටුම් ඇතිවෙලා තිබුණා. තාත්තා සල්ලි හොයද්දි අම්මත් ගාමන්ට් ගිහින් සල්ලි හෙව්වා. "

මෙහෙම කාලයක් යද්දී මේ පවුලට තවත් පිරිමි දරුවෙක් ලැබෙනවා. ඒ පුංචි පවුලටම තිබුණේ එක කාමරයයි.ඉතින් සියලුදෙනාම ජීවත් වුණේ එක කාමරේක.

" ඒ දවස්වල ගොඩක් දේවල් තේරෙන්න පටන් ගත්තේ ටික ටික. ඒ දෙන්න අතර සිදුවෙච්ච රහසිගත දේවල් පවා මට පෙනුණා. ඒ වුණත් ඇයි එහෙම කරන්නේ, ඒ මොනවද කරන්නේ කියලා මට තේරුමක් තිබුණේ නැහැ.

මේ කාලේදී කවදාවත් මත්පැන් පොදකවත් බිව්වේ නැති තාත්තා දැන් බොන්නත් පුරුදුවෙලා තිබුණා. ඒ වුණත් තාත්තා බීලා ආපු දවසට හරිම නිශ්ශබ්දයි."

මෙහෙම කාලය ගෙවිලා යද්දී මේ තරුණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා තිබුණා. නමුත් ඉතින් පවුලේ තිබුණු අග හිඟකම් මැද ලොකු ඉස්කොල්කෙට ලොකු පන්තියකට යන්න පුළුවන් වුණේ නැහැ.

මේ නිසා ඇයට ඉස්කෝලෙදි විතෙරක් උගන්නන දේවල් විතරක් පාඩම් කරලා හිටියා ඇරෙන්න වෙන දැනුමක් තිබුණේ නැහැ. එක දවසක් මේ පුංචි පවුලට ලොකු හෙණයක් පාත්වෙලා තිබුණා.

"එක දවසක් මම ගෙදර එද්දී අම්ම අඬ අඬා හිටියා. ඒ මොකද කියලා අහුව්වම අම්මා මොකුත්ම කිව්වේ නැහැ. මට පස්සේ දැනගන්න ලැබුණා තාත්තා පොලිසියෙන් අල්ලාගෙන ගිහින් කියලා.

ඊටපස්සේ තමයි මට දැනගන්න ලැබුණේ තාත්තා ඒ වෙනකම් කරලා තිබුණේ අරක්කු පෙරාපු එක කියලා. තාත්තා මාස ගානකට හිරේ ගියා.අම්මා මමයි මල්ලියි අරන් කොළඹ ආවා.

ඒ අපේ ආච්චිලයි ගෙදර. මම අම්මා අඳුරන ඇන්ටි කෙනෙක් නවත්තාලා රට ගියා. ආච්චි ළඟ තමයි මල්ලි නතර කළේ."

ටික දවසක් ගතවෙද්දී මේ තරුණිය නැවතිලා ඉන්න ගෙදර කාන්තාවගේ දුව විවාහවෙලා ඉඳපු කෙනා රට ඉඳලා ඇවිත් තිබුණා. ඊටපස්සේ මේ තරුණියගේ ජීවිතය වෙනස් වෙන්න පටන් අරන්.

" මනුස්සයා ගෙදර කවුරුත් නැතිවෙලාවට මගේ කාමරේට ආවා. මුලදී ඒ මනුස්සයා මට කරපු දෙවල් වලට අකැමති වුණත් පස්සේ ආශා හිතුණා.

මම ඒ මන්ස්සයාට ඕන දෙයක් කරන්න දීලා පාඩුවේ හිටියා. නමුත් මේ දේවල් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. එහෙම ඉද්දි මට තව තව යාළුවො මුණ ගැහුණා.

මට කොල්ලෝ ගොඩක් හිටියා. මම උන් එක්ක නිදා ගත්තා. අම්මා සල්ලි එවන නිසා මට සල්ලි වලින් අඩුවක් තිබුණේ නැහැ.

මේ සියලුදේ වෙද්දී කවුරුත් මං ගැන හොයලා බැලුවේ නැහැ. මේ දේවල් වෙද්දී අවුරුදු 17ක් තරම්."

මම මත්පැන් බොන්නත් පුරුදුවෙලා හිටියා.මට සල්ලි තිබුණ නිසා ක්ලබ් යන්නත් පුරුදු වුණා. ක්ලබ් එකේදී බිව්වට පස්සේ මට සිහිය නැහැ. මම ඕන තරම් රේප් වෙන්නත් ඇති.

පස්සේ කාලයක් යද්දී මේ තරුණිය අංගොඩ මානසික රෝහලටත් ඇතුලත් කරලා තිබුණා. නමුත් මේ තරුණිය ආයෙත් ජිවිතේ හරි ගස්සනවා කියලා හිතාගෙන ජීවත්වෙනවා.

නමුත් ජීවිතේ වරදින්න පුළුවන් හැමතැනින්ම වැරදිලා ඉවරයි.මේ සියලු වැරදි වලට මුල මේ සමාජයද ?නැත්නම් මේ තරුණියද ? හැමදාම මේ දේවල් විසදුණේ නැති ප්‍රශ්න.

girl-06

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්ලබ් එකේදී බිව්වට පස්සේ මට සිහිය නැහැ - මම ඕන තරම් රේප් වෙන්නත් ඇති"

    Post a Comment