18 December, 2016

ටීනා එක්ක රවුම් ගහන කොල්ලා කවුද?

නිරූපණ ක්‍ෂේත්‍රයට ඇවිත් කොච්චර කල් වෙනවාද?

ඒකට දැන් අවුරුදු හතරක් විතර වෙනවා.

ක්‍ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් යන්නත් කලින් ජාත්‍යන්තර පැජන්ට් එකකට යන්න නේද හදන්නේ?

නිරූපණ ක්‍ෂේත්‍රයට ආපුම කාලේ ඉඳන් මට අවස්ථා ලැබුණා. ඒත් මම ඒ කාලේ ඒ වගේ දෙයකට සූදානමක් තිබුණේ නෑ. අත්දැකීම් ගන්නයි මට අවශ්‍ය වුණේ. මම හිතනවා මම දැන් ඒකට ලෑස්තියි කියලා.

නිරූපණයෙන් තැනකට එන්න හුඟක් අමාරුද?

ගොඩක් අය හිතන් ඉන්නේ ලස්සන විතරක් තියෙනවා නම් ඇති කියලා. මේක විෂයක්. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අත්දැකීම්වලින් පිරිපුන් වෙන්න ඕන. ඒ වගේම තමයි දක්ෂතාව කියන දේ ගොඩක් වැදගත්. ක්‍ෂේත්‍රය තුළ තරගකාරිත්වය ගොඩක් වැඩියි. නමුත් දක්ෂයාට හොඳ තැනකට එන්න පුළුවන්.

ලංකාවේ Modeling වලින් ජාත්‍යන්තරයට ගිය අය ගොඩක් අඩු ඇයි?

ලංකාවේ නිරූපණ නිරූපිකාවන්් නම් අද ඕනෙ තරම් ඉන්නවා. ඒ කොච්චර හිටියත් ඔවුන් මේ ක්‍ෂේත්‍රය ගැන, මේ විෂය ගැන හරියාකාර අවබෝධයකින්ද ඉන්නෙ කියලා ප්‍රශ්නයක් තියෙනවා.Field එකට එන්න ලේසි වුණ තරම් ජාත්‍යන්තරයට යන්න අමාරුයි.

මේ Field එකේ ඉන්න නම් හුඟක් සල්ලි ඕනෙ නේද?

ඔව්. මොකද නිකම් සාමාන්‍ය මනුස්සයෙක් ඉන්න විදියට නෙවේ අපි අපේ රූපය, සම, ඇඳුම් පැලඳුම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. අපි කරන්නේ යම් දෙයක් මිනිසුන්ට නිරූපණය කරන එක. අපි සාමාන්‍ය සමාජයේ හැසිරෙද්දි නිරූපණ ශිල්පියෙක්, ශිල්පිනියක් ලෙස ගොඩක් අය අපි දිහා බලන් ඉන්නවා. ඒ වගේම අපිව ආදර්ශයට ගන්න අනුකරණය කරන අයත් ඉන්නවා. ඉතින් ඒ දේවල් හරියට පවත්වාගෙන යන්න යම් වියදමක් තියෙනවා.

ටීනාව මුණ ගැහෙන්නේ කොහොමද?

ටීනාව මම ගොඩක් කල් ඉඳන් දන්නවා. මං ටීනාව දැනගන්නේ මගේ යාළුවෙක්ගේ Music Viveo එකකින්. එයයි මමයි ඒකෙ රඟපාන්න හිටියා.

ටීනා එක්ක රවුම් ගහන්නේ තියෙන යාළුකමටද?

ඔව් ටීනායි මමයි හොඳ යාළුවෝ. අපි Free Time එකේ හම්බුවෙනවා අපි යාළුවෝ ඔක්කොම එහෙ මෙහෙ යනවා.

නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය ගැන සමාජය බලන්නේ වැරැදි විදිහට. ඇයි ඒ?

ගොඩක් අය ක්‍ෂේත්‍රයට ආවාම මුල අමතකයි. අනිත් එක නිරූපණ ශිල්පියෙක් ශිල්පිනියක් දිහා ගොඩක් අය අවධානයෙන් ඉන්නේ. අපි දැනගන්න ඕනේ අපි ජීවත් වෙන්නේ අපේ රටේ කියලා. රටේ සංස්කෘතියට සදාචාරයට ගරු කරන්න ඕනේ. ඉතින් මේ කිසි දෙයක් නෑ වගේ ගොඩක් අය ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සු වැරැදි විදියට හිතන එක අහන්නත් දෙයක්ද?

විදු රඟපාන්න ආසාවක් නැද්ද?

මම රඟපාන්න ආසයි. මට අවස්ථා ලැබිලා තියෙනවා. නමුත් මට තවම කාලය තියෙනවා. තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉදිරියේදී රංගනයෙන් මාව දැකගන්න පුළුවන් වෙයි.

sudith-vidusha-paper-article

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටීනා එක්ක රවුම් ගහන කොල්ලා කවුද? "

    Post a Comment