19 November, 2016

භාර ගත්ත වැඩවලට ධනුක පොලු තිබ්බද?

හා හා පුරා කියලා සම්මානයකුත් ලැබුණනේ?

ඔව්. මේ මට ලැබුණ පළමුවැනි සම්මානය. මටයි, දසුන්ටයි දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ් සම්මාන උළෙලෙදී රෝස කල්පනා මියුසික් වීඩියෝව වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ලැබුණා. අපි දෙන්නටම සම්මාන ලැබුණ එක ගැන සතුටුයි. මම මොන දේ කළත් ඉහළට යන්න උපරිම දේ කරනවා.

සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙනද හිටියේ?

මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. සම්මානයක් ලැබුණා කියලා ඔළුව උඩ තියාගෙන ඉන්නේ නෑ. ලැබිච්ච සම්මානය පැත්තක තියලා මම වැඩ කරනවා.

ඉස්සර වගේ නෙවෙයි ධනුක දැන් මියුසික් වීඩියෝවලට ගණන් උස්සනවා කියන්නේ ඇත්තද?
මගේ වටිනාකම මම දන්නවා. ඒ වටිනාකමට මම අය කිරීමක් කරනවා. ඒ ගාණට ගන්න පුළුවන් අය මාව ගනියි.

දැන් මියුසික් වීඩියෝවල අඩුවෙන් පේන්නේ ගණන් උස්සන නිසාද? මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා ඇති කියලා හිතුණ නිසාද?

මියුසික් වීඩියෝවලට මාව නැතිවම බැරිවුණා. මියුසික් වීඩියෝ කළා ඇති කියලා හිතනවා නෙවෙයි. හොඳම වැඩවලට තමයි දැන් මම සම්බන්ධ වෙන්නේ.

ධනුක භාර ගත්ත සමහර වැඩවලට පොලු තියනවා කියන්නේ ඇත්තද?

මම කාටවත් පොලු තියන්නේ නෑ. එහෙම පොලු තියලත් නෑ. ගනුදෙනු හරියට කතා කරන්නේ නැතිව ෂූට් එකක් තියෙන දවස මැසේජ් කළාට මම වැඩවලට යන්න ඕනේ නෑනේ. ඒක වැඩවලට කතා කරන අය තේරුම් ගන්න ඕන දෙයක්. අඩු ගාණට නම් මම කොහොමත් වැඩ කරන්නේ නෑ.

මියුසික් වීඩියෝවල නිතර පේන එක මදි පුංචිකමක් කියලා ධනුකට දැනෙනවාද?

ලොකු ලොකු නළුවොත් මුලින් කිව්වා මියුසික් වීඩියෝ කරන්නේ නෑ කියලා. හැබැයි මමයි, දසුනුයි ට්‍රෙන්ඩ් එකක් හැදුවා. අපි රංගන ඉගෙන ගෙන ටෙලිඩ්‍රාමා කරලා තමයි මියුසික් වීඩියෝවලට ආවේ. අපි ට්‍රෙන්ඩ් එක හැදුවම ලොකු ලොකු නළුවොත් ඒ ට්‍රෙන්ඩ් එකට හැදුණා. දැන් හොඳම මට්ටමේ මියුසික් වීඩියෝ හැදෙනවා. සමහරු කිව්වා මියුසික් වීඩියෝ කරන අයට සිනමාවේ චාන්ස් නෑ කියලා. මම ඒකත් වෙනස් කළා.


දැනටමත් ධනුකට සිනමාවේ ‍ෙදාර හැරිලනේ තියෙන්නේ?

ඔව්.. මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ අරමුණක් තමයි ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර එකට රිංගන එක. දැනට මම හොඳම ෆිල්ම් දෙකක් භාර අරගෙන තියෙනවා. ධර්ම යුද්ධය කියන චිත්‍රපටයේ ෂූටින් ඉවර කළා. ඒ චිත්‍රපටයේ මම කරන්නේ විලන් රෝල් එක. ලව් ඉන් පැරිස් කියන චිත්‍රපටයේ ෂූටින් ජනවාරි පටන් ගන්නවා. ප්‍රංශයේ තමයි චිත්‍රපටය ෂූට් කරන්නේ. තව චිත්‍රපට තුන, හතරකටම මට කතා කරලා තියෙනවා.


මේ වෙනකොට රොෂාන්, හේමාල් සිනමාවේ හොඳ තැනක ඉන්නවා. ඒ තැනට ධනුකට යන්න පුළුවන් වෙයිද?

මම කවුරුවත් එක්ක තරග කරන්නේ නෑ. හේමාල් කියන්නේ මගේ හොඳම මිත්‍රයෙක්. මට ඕන මම කරන වෘත්තිය හරියට කරලා මිනිස්සු පිනවන්න. රොෂාන්ට, හේමාල්ට පස්සේ එන පරම්පරාව තමයි අපි. එයාලගේ පසු පරම්පරාව විදියට යන්න පුළුවන් උපරිම තැනට යන්න මම උත්සාහ කරනවා.


ටෙලිනාට්‍ය පැත්තෙන් මේ දවස්වල මොකද වෙන්නේ?

ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ තිස්ස කුමාරයාගේ චරිතය කරනවා. මෞනයාගය ටෙලිනාට්‍යයේ සුපර් හීරෝස්ලගෙන් එක හීරෝ කෙනෙක් මම. අනන්තා ටෙලිනාට්‍යටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මාදම්පුර කියන ටෙලිනාට්‍යයේ වැඩ කරනවා. ඒ නාට්‍යයත් ළඟදීම විකාශය වෙයි.

දැන් මෙගා නාට්‍යවල ධනුක පේන්න ඉන්නේ අඩුවෙන්. ඒකට හේතුවක් ඇති නේද?

මුල් කාලේ මම මෙගා නාට්‍ය කළා. මට වැඩවලට කතා කරනවා. ඉතින් තෝරාගෙන වැඩ කරන්න වගේම මෙගා සම්ප්‍රදායෙන් අෑත්වෙන්න හිතුණා. මට සිනමාවට සම්බන්ධ වෙන්නත් හීනයක් තිබ්බා. ඒකත් එක්ක තමයි මෙගාවලින් අයින් වෙන්න හිතුවේ. මාව මේ ටෙලිනාට්‍යවලට ගෙනාවෙ රවීන්ද්‍ර අයියා සහ තරංග අයියා. ඉතින් මම මුල අමතක කරන්නේ නෑ. එයාලගේ වැඩවලට සම්බන්ධ වෙනවා.

දැන් මෙගා ස්ටාර් වේදිකාවටත් එකතු වෙලානේ ඉන්නේ. රියැලිටි වැඩකට එකතු වුණේ තව ජනප්‍රිය වෙන්නද? දක්‍ෂතාව පෙන්නන්නද?

මම ජනප්‍රියත්වය පස්සේ යන්නේ නෑ. කැමරාව ඉස්සරහා විතරයි මම නළුවා. මම මීට කලින් රියැලිටි වැඩසටහනක හිටියා. ඒත් ඒ වෙද්දී මට ඩාන්සින් ගැන දැනුමක් තිබ්බේ නෑ. එදා මම හිතුවා ආයෙත් මට චාන්ස් එකක් ලැබුණොත් යනවා. මට නටන්න ඕන නිසා කියලා. දැන් මට ඕන විදියට නටන්න පුළුවන්.

ධනුක මිතුරෝ ආශ්‍රය කරනවා වැඩියි කියන්නේ ඇත්තද?

පිරිමි යාළුවෝ මට ගොඩක් ඉන්නවා. මොකද මම යාළුවෝ ආශ්‍රය කරනවා වැඩියි. නළුවා කියලා ලොකු සීන් මගේ නැහැ. මුල ඉඳන් ආශ්‍රය කරපු යාළුවෝ මට ඉන්නවා.
මට ඉන්නේ යාළුවෝ නෙවෙයි හොඳම යාළුවෝ.

ධනුක දැන් පෙම්වතෙක්ද කියලත් කියමු?

මම පෙම්වතෙක් වෙලා හිටියා. හැබැයි දැන් නැහැ. දැන් එහෙම විශේෂ කෙනෙක් ගැන හිතන තැනක මම හිත තියාගෙන නැහැ. මම දැන් නිදහසේ ඉන්නවා.

danuka-dilshan-article

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "භාර ගත්ත වැඩවලට ධනුක පොලු තිබ්බද? "

    Post a Comment