කැරට් 18 පිරිසිදු රත්‍රන් වලින් නිමවා ඇති වැසිකිලිය ඉතා හොඳින් ක්‍රියාත්මක කල හැකි වනවා.
ඉතාලි ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් විසින් මෙම වැසිකිලි පෝච්චිය නිපදවා ඇති අතර එය ඔහු නම් කර ඇත්තේ 'ඇමරිකා' නමින්.
නිව්යෝර්ක් මාධ්‍ය වාර්තා කරන්නේ නරඹන්නා සහ ප්‍රදර්ශක භාණ්ඩය අතර ආකර්ශනීය සබඳතාවක් ගොඩනැගෙනමින් පවතින බවයි.
ගුගන්හයිම් කෞතුකාගාරයේ මෙම රත්රන් වැසිකිලි පෝච්චිය සවිකර ඇත්තේ පෙර පටන් පැවතී 'සෙරමික්' වැසිකිලි පෝච්චියක් ඉවත් කිරිමෙන් පසුවයි.
කෞතුකාගාරයට මුදල් ගෙවා ඇතුල්වන ඕනෑම අයෙකුට මෙම වැසිකිළිය පාවිච්චි කොට 'ෆ්ලෂ්' කිරීම ද කල හැකි
වනවා.
සියයට එකක් පමණ වන සුළු පිරිසකට හිමිවී ඇති සුඛෝපභෝගී භාණ්ඩයක් සාමාන්‍ය ජනතාවටත් පරිහරණය කිරීමට අවස්තාව උදාකරදී ම බලධාරීන්ගේ අරමුණවි තිබෙනවා.
ඉතාලියේ මිලාන් හි වෙසෙන 55 වියැති මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් මතභේදයට තුඩුදෙන නිර්මාණ කරන්නෙක් ලෙස ප්‍රකට වනවා.

දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ උල්කාෂ්මයක් වැදී බිම වැටී සිටින ආකාරය දැක්වෙන 'නමවැනි පැය' නම් නිර්මාණය ද ඔහුගේ මෙ වැනි මතභේදාත්මක නිර්මාණයක් වනවා.
කෞතුකාගාරය විසින් විස්තර කොට ඇත්තේ මෙය 'නිගරු භාණ්ඩයක්' ලෙසයි.
කෞතුකාගාරය විසින් විස්තර කොට ඇත්තේ මෙය 'නිගරු භාණ්ඩයක්' ලෙසයි.

_රූපවාහිනි
Share this
|
|
0 Comment to "මහජනතාවගේ භාවිතයට දඹ රන් වැසිකිලියක්"
Post a Comment