21 October, 2016

මගේ කටහඬ මම වර්ණනා කරගන්නේ නැහැ

"මට තාම ලොකු වයසක් නැහැ"

ගීත ගායනයෙන් වෙනස් ආකාරයේ රස වින්දනයක් රසිකයන්ට එකතුකළ උමාරියා සිංහවංශ මේ දිනවල කාර්යබහුල වෙලා.

නව පරපුරේ ගායිකාවක් ලෙස රසික හදවත් අතර ජනප්‍රියවුණු ඇයත් සමඟ සුහද පිළිසඳරක යෙදීමට හිරු ගොසිප් අප විසින් ඇයගේ කැදැල්ලට ගොඩවුණා.

මේ ඒ සොඳුරු නිමේෂයේ අපත් සමඟ කළ සාකාච්ඡාවයි මේ..... 

උමාරියා ඔබේ කටහඩ පිළිබඳව නොයෙකුත් අය නොයෙක් දේවල් කියනවා. ඔබේ කටහඩ ගැන ඔබ මොකද හිතන්නේ ?

මට මගේ කටහඩ ගැන කියන්න අමාරුයි. මගේ කටහඩ මම වර්ණනා කරගන්නේ නැහැ. මම මගේ හඩින් උපරිම ප්‍රයෝජන ගන්නවා. 

ගීත ගායනා කරද්දි සීමාවන් පනවාගෙන තියනවද ?

ඔව් අනිවාර්යෙන්ම. සීමා පනවාගෙන තියෙන්න ඕනේ

ඔබ වැඩිපුර ගායනා කරන්න කැමති මොනවගේ ගීතවලටද ?

එහෙම විශේෂයක් නෑ. 

ඔබට ඔබ ගැන වැඩිපුරම ආඩම්බරයක් දැනුණු සිදුවීම මතකද ?

මට එහෙම ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මොකද මම ආඩම්බර කියන වචනෙටවත් කැමැති නැහැ. මගේ ළඟ ආඩම්බරය කියන දේ නැහැ.

ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදෙන ඔබේ ගීත අවමයි නේද ?

නැහැ. එහෙම කියන්න බැහැ. වස්සාන ගීතයෙන් පස්සේ මම ළඟදි පණ්ඩිත් අමරදේව මහතා සමඟ ගීතයක් ගයනා කළා.

ප්‍රේක්ෂකයන් එහෙම මතකයේ රැඳෙනවා අඩුයි කියන්න බැහැ.

ඔබ ඔබේ හඩින් උපරිම ප්‍රයෝජන ගන්නවද ?

ඔව් මට එහෙම කියන්න අමාරුයි. මට තාම ලොකු වයසක් නැහැනේ. පුළුවන් උපරිමයෙන් කරනවා.

බොහෝ අය කියනවා ඔබේ කටහඩ ශාස්ත්‍රීය ගීත වලට වඩාත් ගැළපෙනවා කියලා

ඔව් මාත් හිතනවා මට ශාස්ත්‍රීය ගීත වඩා ගැළපෙනවා. තව ටික කාලෙකින් මගේ ගීතයක් මම කරනවා.

කොහොමද ඔබේ සැමියාගෙන් ලැබෙන සහාය ?

උපරිම සහයෝගයක් මගේ සැමියාගෙන් මට ලැබෙනවා.

Hiru MegaStars ගැන මොකද හිතෙන්නේ ?

මම සමාන්‍යයෙන් රියැලිටි ෂෝ වලට සහභාගී වෙන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන අනෙක් දේවල් වලට වඩා වෙනස්. හිරු වැඩක් කළොත් ඒක අති සාර්ථකයි.

umaria-sinhawansa

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ කටහඬ මම වර්ණනා කරගන්නේ නැහැ"

    Post a Comment