පුරාණ ඇඹව කබලාව සිද්ධ සුනියම් දේවාලය ආසන්නයේ පවත්වාගන යන “නයි හාමුදුරුවන්ගේ“ දේවාලය සහ ශ්‍රමණවේශධාරියා පිළිබඳව නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම විමර්ශන අරඹන්නේ හෙතෙම සිදුකරන සිවුරට නොගැලපෙන ක්‍රියා පිළිබඳ වාර්තාවීමත් සමගය. මත්පැන් පානය, යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කිරීම, නාගයින් සිරුරේ ඔතාගෙන සිටීම වැනි සිද්ධි පිළිබඳව මෙන්ම මිනිසුන් රැවටීම පිළිබඳව තොරතුරුද ඒ අතර විය.
මෙම තැනැත්තා පිළිබඳව රහසිගතව කළ සොබැලම් වලදී බාලවයස්කරුවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු අණාවරණ විය.
බාලවයස්කරුවන් ඔහුගේ කටයුතු සඳහා සහයට ගන්නා ආකාරය වීඩියෝවේ පැහැදිලිවම දක්නට ඇත. ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි පැවසෙන දරුවන්ද එහි දක්නට ලැබේ.
බාල වයස්කරුවන් දැඩි ලෙස
බරපතල ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පැවසෙන මෙම ශ්‍රමණවේශධාරියාට එරෙහිව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිට නඩු දෙකක් විභාග වෙමින් පවතී. සැකකාර ශ්‍රමණවේශධාරියා ප්‍රදේශය හැරගොස් ඇති බැවින් මේ වනවිට අධිකරණය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත්කරන ලෙස විවෘත වරෙන්තුද නිකුත් කර ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න.
_නෙත්ගොසිප්
එම වීඩියෝව පහතින් නරඹන්න.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "කුඩා දරුවන් කෙලෙසා ගමෙන් පැන සිටින “නයි හාමුදුරුවන්“ගෙන් ඔබේ දරුවා බේරාගන්න (Video)"
Post a Comment