14 October, 2016

"උසාවිය නිහඬයි" යලි නිහඬ කිරීමට විරුද්ධව නිහඬ සටන

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා වාරණයක් නිකුත් කලා.

එම වාරණයට එරෙහිව ඔක්තෝබර් 19 වැනිදා කොළඹ දිසා අධිකරණය ඉදිරිපට දී නිහඬ විරෝධතාවයක් පැවැත්වීමේ සුදානමක් ඇතැයි වාර්තා වනවා.

ඒ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන්.

හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් හේතුවෙන් 
මෙම චිත්‍රපටය තිරගතවීම වළක්වා තිබෙනවා.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""උසාවිය නිහඬයි" යලි නිහඬ කිරීමට විරුද්ධව නිහඬ සටන"

    Post a Comment